IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා ගැන එකඟත්වයක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු  විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන්  එම සභාවේදී  අද (25) සාකච්ඡා කර ඇතත් ඒ පිළිබඳව  අවසාන එකඟතාවක්  ඇති නොවුණු බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණ.

මෙම රැස්වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී  ඊයේ  සාකච්ඡා නොකෙරුණු බවයි.

එහිදී සාකච්ඡා කෙරුණේ  එම සභාවේ   ඝනපූර්ණය සහ එහි ඉදිරි රැස්වීම් පවත්වන ආකාරය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පමණක් බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා ගැන එකඟත්වයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site