
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.
ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමින් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේය.
“සංහිඳියාවේ රිද්මය" නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සමග ඉන්දියාව එක්වුණොත් ඉන්දියාවට අබ සරණයි...!
මෙයාලා මේ අපිත් එක්ක එකතු වෙන්න යන්නේ මොනවටද කියලා සිහියෙන් ඉන්න වෙනවා. අතීතයේ පටන් මේ ලංකාව යටත් කරගන්න උපරිම උත්සාහයක් ගත්තු අය... මේගොල්ලෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ... කොහොම හරි විකුණලා කොමිස් කුට්ටියක් ගන්න සූදානම් බව ඔවුන් දන්නවා.