(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු පොරක්නේ... සංහිඳියාව ගැන කතාකරන්න යන්නේ. මේ පිනාව ගෙදර යවන්නකෝ. රටම සංසුන් වෙන්නේ නැද්ද බලන්න...?
134 දෙනෙකුගේ කැමැත්තෙන් තනතුරු අරන් සමස්ත රටට බලපාන තීන්දු ගන්නේ කොහොමද?
හොර පාරෙන් ඇවිත් පිං ජනාධිපති වෙච්චි පිංගුත්තරයින් මේ රටේ ජනාධිපති කියලා අපි පිළිගන්නේ නැහැ. මෙයා පවත්වන කිසිම තේරුමක් නැති සර්වපාක්ෂික සමුළුවලින් මේ රටට සතපහක ආයෝජනයක් නැහැ. මොහු කරන ආරාධනා අනිකුත් පක්ෂ පිළිගත්තාට අපට ප්‍රශ්නයක් නෑ. නමුත් පක්ෂ නායකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මේකට සම්බන්ධ නොවිය යුතුයි...