ජනපති රට බාරගත් හේතුව කියයි රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට බාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟා දීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 December 2022
බීමතින් සිටි කතට පහරදුන් කතුන් දෙකක් අල්ලයි රාත්‍රි සමාජ ශාලාවක සිටි පිරිසක් රැගත් මොටර් රථයක් කොල්ලුපිටියේ දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසු එහි සිටි කාන්තාවකට පොලුවලින් හා ඉදල් වලින් පහර දුන් කාන්තවන් දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගෙන ඇත. 11 December 2022
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා පොලිස් නිළ ඇදුම සහිතව නිවසක් කොල්ල කෑමට ගොස් සිටි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුල් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 11 December 2022
‘‘කවුරු කිවත් මෙරට සංස්කෘතිය විනාශ කිරීමට ඉඩදෙන්න බෑ‘‘ පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 11 December 2022
රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. 11 December 2022
අධික ශීතල සමග ශ්වසන රෝග ඉහළට මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 11 December 2022
මහාධිකරණ විනිසුරු සංගමයට නව නිලධාරීහු පත්වෙති මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ මහතා ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක මහතාද පත්වූහ. 11 December 2022
කෘෂි කර්මයට තිබූ ’’අටක්’’ හතරට බස්සයි කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 11 December 2022
උපදේශනයට කෝටි දෙකයි ව්‍යාපෘතිය එතනමයි වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වැඩපොළක්,නේවාසිකාගාරයක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට ( 2020 වසර වන විටත් ) කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 11 December 2022
ගාලු උරුමයේ සිතුවම් විනාශ මුඛයේ ගාලු උරුමය පදනම ගාලු කොටුවේ සදු මුර අට්ටාලයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ලබාගෙන තිබූ ගාල්ලේ ඓතිහාසික උරුමය සිහිපත් කෙරෙන සිතුවම් 16ක් වසර හයකට වැඩි කාලයක් තිස්සේ එම පදනම් කාර්යාලයේ විනාශ වෙමින් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන්වේ. 11 December 2022
චෙන්නායි - යාපනය අතර ගුවන් සේවා යළි යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි . 11 December 2022
දුරගමන් බස්වලට නැවතුම්පොළ වෙන් කරයි දුර ගමන් සේවා බස් රථ නැවතුම්පල සංඥා පුවරු 48ක් කොළඹ සහ අලුත්ගම අතර ස්ථාපිත කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා පවසයි . 11 December 2022
පහට උපකාරක පංති 14 දා සිට බෑ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරමින් උපකාරක පන්ති පැවැත්වීම ලබන බඳාදා (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 11 December 2022
60 නීතියෙන් හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් ඉතිරිවන්නේ 10යි රජයේ රෝහල්වල සේවය කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් හත් දෙනකු මෙම මස 31 වැනි දින සිට විශ්‍රාම යෑමට නියමිත අතර රටේම සේවය සඳහා ඉතිරිවන්නේ වෛද්‍යවරුන් 10 දෙනකු පමණකැයි විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කරයි. 11 December 2022
මිනිස් ජාවාරම ගැන සොයන්න කණ්ඩායමක් ඕමානයට ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට ගෙන ගොස් ජාවාරම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඕමානය බලා පිටත්ව ගියේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 11 December 2022
ත්‍රිරෝද - මෝටර් රථ අනතුරින් අයෙක් මරුට රාත්‍රී සමාජ ශාලාවක සිට ආපසු යමින් සිටි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කොල්ලුපිටිය ඇල්ප්‍රඩ් මාවත ආසන්නයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම මිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 11 December 2022
ඇමති සංශෝධනය ණය අනුමත වූ පසු අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 11 December 2022
චාමික කරුණාරත්නට දඩයක්: දඩුවම් ලකුණු 2 ක් එකතු වෙයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් සියයට 40 ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2 ක් එකතු කිරීමට තරග තරග තීරකවරයා නිර්දේශ කර තිබේ. 11 December 2022
සරසවි සිසුන් හිටපු උපකුලපතිට සහ පුතාට පහරදීලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචි විශ්ව විද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරියට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණ ඇති විශ්ව විද්‍යාල සිසුන් 300 කට අධික පිරිසක් එම නිල නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වා නිවසට පහර දි හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී පේරාදෙණිය පොලිසිය පොලිසිය කියයි. 11 December 2022
පාර ඉඩ නොදුන්නැයි පොලිස් සැරයන්ට ගහලා පොලිස් සැරයන් වරයකු සහ ඔහුගේ පවුලේ පිරිස ගමන් ගත් මෝටර් රථය ආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී මහ හරස් කරමින් පහර දී ඇතැයි පොලිසිය කියයි . 11 December 2022
උතුරු නැගෙනහිර මළ සතුන් රසායනාගාර පරීක්ෂණයට උතුරු නැගෙනහිර පළාත් වල මියගිය එල ගවයන් හා මී ගවයින් මෙන්ම එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. 11 December 2022
ප්‍රදේශ රැසකට අදත් වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 December 2022
සෙක්ස් සර්ච්වලින් ලංකාව ලොව පළමු තැනට ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි. 11 December 2022
ගිනි අවි දෙකක් සමග තුනක් මාට්ටු ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකරුගේ සමීපතමයන් තිදෙනකු සමග පිස්තෝල දෙකක් , ජීව උණ්ඩ දහයක්,හා මැගසින් දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 11 December 2022
බුත්පිටිය පාසල් කැන්ටිමට මත් කරල් දාන්න සිංහල වෙදෙකුත් හවුල් මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහ විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වූ කරුණු මත මත් කරල් 5500 ක ප්‍රමාණයක්ද සමග 68 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 10 December 2022
දිස්ත්‍රික් අතර හරක් මස්,එළු මස් ප්‍රවාහනය අත්හිටුවයි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. 10 December 2022
හමුදාවේ හිටපු ලොක්කෙක්ට ඇමරිකාවෙන් සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත. 10 December 2022
රට විරුවෝ වැඩ පෙන්වති විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 10 December 2022
ළිඳක සිරවූ ඉන්දීය දරුවා මරුට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිඳකට වැටී අඩි 55 ක සීමාවේ සිරවී සිටි තන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය තහවුරු කළේය. 10 December 2022
පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 10 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026