අද දවස වැසි සහිත කාලකුණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, අනුරධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2022
ජැකලින්ට තවත් නඩුවක් බොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක වන නෝරා ෆතේහි ශ්‍රී ලංකානු සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට විරුද්ධව ඉන්දීය රුපියල් කෝටි 200 ක අපහාස නඩුවක් ගොනුකර තිබේ. 13 December 2022
ආසියා පැසිපික් අයි.සි.සී රන් සම්මානය දිනා දිවයිනට පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ. 13 December 2022
රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 12 December 2022
ධීවර බෝට්ටවක් ඈත දියඹේ අනතුරක ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සැතපුම් 200ක් පමණ ඈත මුහදේදි අනතුරට පත්විමෙන් එහි සිටි ධිවරයන් තිදෙනකු අතරුදහන්ව, වතුරේ පාවෙමින් සිටි ධිවරයන් තිදෙනකු වෙනත් ධිවර යාත්‍රාවකින් බේරාගෙන මේ වනවිට ගොඩ බිමට රැගෙන එමින් සිටින බවත් වරාය පොලිසිය පවසයි. 12 December 2022
රජයේ ආධාර ගන්න ලක්ෂ 37 ක් පෝලිමේ රජයේ සුබසාධන ප්රතිලාභ සඳහා පුද්ගලයන් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි. 12 December 2022
අනුරට ඉතාලියේදි ඉහළ පිළිගැනීමක් ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ. 12 December 2022
පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට ලබාදෙන ලද රුපියල් ලක්ෂ 56ක් වටිනා පාපැදි සහ අමතර කොටස් දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රැගෙන ගොස් සාපරාධී සහ සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සම්මේලනයේ හිටපු සභාපතිවරයා ඇතු`ථ නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය. 12 December 2022
සංගීත භාණ්ඩ සමග නිවෙසට ගිනි තියලා ගාල්ල අක්මීමන, හියාරේ ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනු ලබන නිවසකට කිසියම් පිරිසක් ටයර් දමා ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. 12 December 2022
දේශපාලන පරිවර්තනයකට ජනතාවගේ දැඩි උනන්දුවක් ආණ්ඩුව වෙනස් කර දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට බිම් මට්ටමේ ජනතාව දැඩි උනන්දුවකින් සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 12 December 2022
කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස් ගම්පහ , බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැදවුම් නියෝග මත ඉකුත් 05 වෙනිදා සිට මල්වතු හිරිපිටිය පොලිසියේ රඳවා තබා සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට නිදහස් කරන ලදී. 12 December 2022
කොල්ලුපිටිය රිය අනතුරින් පලා ගිය රියදුරු ඩුබායි පැනලා කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ. 12 December 2022
නැගෙනහිර සත්ව ඝාතකාගාර - මස් කඩ 18 දක්වා වහයි අසාමාන්‍ය ශීත කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ගවයන් ඇතුළු සතුන් මියයෑම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර එම පළාතේ සත්ව ඝාතකාගාර සහ මස් කඩ අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ. 12 December 2022
මීතොටුම්ල්ල නිවසක් කැඩූ කොස්තාපල් ඇතුළු 3ක් රිමාන්ඩ් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙල මහතා නියෝග කර ඇත. 12 December 2022
ණය ප්‍රතිව්‍යුහගතකිරීම කඩිනම් කරගන්න ලංකාවෙන් විශේෂ වගන්තියක් ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා ’’ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්’’ නම් විශේෂ වගන්තියක් සාකච්ඡා මේසයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත. 12 December 2022
මත්ද්‍රව්‍ය ලඟ තබන් සිටි රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණෙවල මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (12) අවසර ලබා දුන්නේය. 12 December 2022
යාචකයන්-වෙළෙදුන් 15කට දුම්රිය තහනම් කරයි දුම්රිය නීති උල්ලංඝණය කරමින් දුම්රිය තුළ යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදුණු පුද්ගලයන් 15 ක් පසුගිය සති දෙක තුළ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 December 2022
දුම්රිය වෘත්තිය සමිති සටනකට සැරසෙයි ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් රටම අගාධයට ඇඳදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවත් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරයි. 12 December 2022
ආනන්දයේ ’’මිරිස් පෑන්’’ ඔක්කොම ජනපති මිලදී ගනියි කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ සටහන් ලිවීමෙන් පසු රෝපණය කළ හැකි මිරිස් බීජ සහිත පත්‍රිකා ජනාධිපති කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලදී ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දුන්නේය. 12 December 2022
ව්‍යාජ ලේඛණ සකස් කළ කෝටියක වාහන ගම්පහින් අල්ලයි වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කළ පුද්ගලයන් තිදෙනෙක් සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන හතරක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 December 2022
පූංචි ඡන්දයට ආඥාවක් ඉල්ලා සජබයෙන් පෙත්සම් දෙකක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම් දෙකක් ගොනුකර ඇත. 12 December 2022
හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට අද(12) උපදෙස් දුන්නේය. 12 December 2022
රට සල්ලි හුවමාරු ආයතනයක බලපත්‍රය ස්ථිවර අවලංගු කරයි පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වන ‘ප්‍රසන්න මනි එක්ස්චේන්ජ්’ පුද්ගලික සමාගමේ මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 12 December 2022
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරල් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පත්කරනු ලැබ තිබේ. 12 December 2022
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 4ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (13) සිට මේ මස 16 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පස්වරුවේ පැවසීය. 12 December 2022
ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කොළඹදී පැවසීය. 12 December 2022
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 12ක් දොට්ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. 12 December 2022
සීතල තවත් එළුවන්, ගවයන් එළොව ගෙනයයි උතුරු නැගෙනහිර පළාත්වලට බලපෑ සීත කාලගුණය නිසා අද (12) පස්වරු 12 වන විට මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි. 12 December 2022
අත්‍යවශ්‍ය ඖෂධවලින් රටේ ඇත්තේ භාගයයි රටේ පවතින්නේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 50ක් පමණක් බව සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීහු පිරිසක් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාවට දැනුම් දුන්හ. 12 December 2022
පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස්වේ පාර්ලිමේන්තුව නව වසරේ රැස්වන දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) තීරණය කළේය. 12 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026