(යොහාන් භාසුර)
මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් වීරවංශ මහතා කීය.
ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී වීරවංශ මහතා සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය.
යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම ජනාධිපතිවරයෙක් බවත් වීරවංශ මහතා පැවසීය.
යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී ඒ මහතා පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි.
රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී ඒ මහතා රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය.
නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී අද (27) පැවැති විශේෂ උත්සවයේදී විමල් වීරවංශ මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරවංශ ට සහ ඔහුගේ පක්ෂය ඡන්දය දෙන්න එපා.ඔවුන් ද මේ දේවල්වලට වගකිව යුතු ය
ගඟෙන් වතුර බී මුහුදට ආවඩන විමල් වැනි අය පළමුවෙන්ම දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.
හොඳ අදහසක්. ආරක්ෂා කරගන්න ඔයාගෙ ආසනේ
දැන් නොකර සද්ද හිටපන්
සිරිසේන... කෝ මේ සිරිසේන.. මම ආවා ... ඔයාට ලැජ්ජත් නෑ .. මට ලැජ්ජත් නෑ...
මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදා බැලීමට ජනතාව උත්සාහ නොකළ යුතුයි කියන්නේ වත්තේ පොල්ටික මදිවාට පොල්ගස්ටිකත් විකුණාගත්තු අයටම ආයෙත් මුර වැඩේ බාරදෙන්න කියලද?
තනි පුද්ගලයෙකුට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් හදපු එක හරිද?
පොහොට්ටුව වගේ, අපි ඔබව පහළට දානවා...
ඇට නැති දිවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ නුඹ වැනි අය. ඉස්සර බයියාට වේදිකාවට නගින්න තමුන් නැතිවම බැහැ. මතකද යහපාලනය කාලේ දෙන්නත් එක්ක එකතුවෙලා කටින් බෝම්බ තියපු හැටි... යහපාලනය වට්ටලා බයියාව රජ කරන්න ගියේ. නුඹලා දැන් නයි, මුගටි වගේ... නුඹ වැඩ කෙරුවේ ජනතාවටද? මොන්ගල් බේබිලා එක්ක හෙලිකොප්ටරයෙන් ලංකාව වටේම ගියා නේද මතකද රටේ මුදල් දේපල විනාශ කරපු හැටි... තොපි එකෙක්ට ඉන්න දෙන්නේ නැහැ. හිරේ දමලා... සියලුම හොරාකාපු නැති නාස්ති කරපු දේවල් නැවත ගන්නවා.. නීතියක් හරියට තියෙන රටක් නම් නම් නුඹලාගේ පවුල් පිටින් ඉන්න ඕන හිරගෙදර...
පස්සේ පොහොට්ටුවට මුක්කු ගහන්න බලන් ඉන්න මේ වගේ අයවත් බිංදුවට බස්සලා... පුළුවන් නම් රටිනුත් එළවලා දාන්න ඕනෑ..
ඔයාවත් ගෙදර තියනවා මෙදාපාර...!
තරුණ කාලයේ දෙකකුල් වෙව්ලනවා කියලා සීගිරියට හා ශ්‍රීපාදය වඳින්න නොගියා කියපු තමුන්ට විතරක් ඔක්කොම පුළුවන් කියලද කියන්නේ? ආර්ථික අහේනිය කියන දරුවා පිළිසිඳ ගත්තාට පස්සේ ඒ දරුවගේ පියා එළවාදමා දරුවා අවජාතකයෙක් වෙන්න කටයුතු කළ තමුන්ලා මේ ප්‍රශ්න වලට සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි. තමුන්ලාගේ උතුරු දකුණු අතරමං කල්ලියට රටට කෙළවෙන්න නොදී වෙල්ගම වගේ මුලදිම විරුද්ධ වෙලා අයින්වෙලා මකබෑවිලා යන්න තිබුණා කියලා හිතන්නේ නැද්ද? නුඹලා කරපු පව් ආත්ම කල්ප, කෝටි ගණනක් නුඹලාට විඳවන්න වෙනවා...
පොහොට්ටුව කොහොමත් දැන් බින්දුවට බැහැලා ඉවරයි. මේ ඡන්දෙන් ඔබතුමා වැනි දේශපාලන අනාථයින් දේශපාලනයෙන් අතුගා දමන්න අවස්ථාවක් ඡන්ද දායකයන් වශයෙන් අපි කරනවා...
මෙයාවත් බින්දුවටම දාන්න ඕනේ...
100 ට නග්ගපු කෙනා දැන් 0 වට බස්සන්න කතා කරන්නේ කාව රවටන්නද? ජනතාව රැවටීම හැමදාම කරන්න නොහැකියි .
අලුත් ලේබල් ගහගෙන එන්නේ පරණ වසවිස. NPP ලේබල් ගහන් එන ජවිපෙත් ඒ වගේ තමයි...
පොහොට්ටුව යනු වංචා කරන සොරුන්ගෙන් පිරුණු ගුහාවකි... නමුත් ඔබ ඊට වඩා භයානකය. ඔබත්, ඔවුනුත් අතර විශාල වෙනසක් නොමැත...
දැන් එනවා මෙතන බයිලා කියාගෙන... ඔයානේ මහින්ද පුම්බගෙන ජාතිවාදය ඉස්සරහට දාගෙන මිනිස්සුන්ගේ ඔලුව කෑවනේ... ඔයාලා හින්දා තමයි මුළු රටම දැන් විඳවන්නේ...
ළඟපාත කෙනෙක් නැද්ද? රත්වෙන්න කණට එකක් ගහලා ඇහැරවන්න...
කොහෙන්ද ඔය කතා කරන්නේ?
ඔයා දේශපාලනය දන්නේ නැහැ.
සාටකේ එල්ලිලා ගොඩගිය තමුන්ගේ පැටිකිරිය ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ... ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු තමුන් ගැන කවර කතාද?
ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රටේ ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රමය හැත්තෑ හතෙන් පස්සේ වෙනස් වුණා. පහුගිය අවුරුදු දහයේ ජරාජීර්ණ වුණා. දැන් තියෙන්නේ දේශපාලනයට සම්බන්ධ වෙන හැමදෙනාම කලින් කලට පක්ෂ, පාට මාරු කරකර සිස්ටම් එක ඇතුළේ උන් රැකෙන ක්‍රමයක්. මේක තමයි සිස්ටම් එක. මෙහෙම ප්‍රකාශ කරන්න මෙතුමාට කිසිම හැකියාවක් නෑ. හැමකෙනාම තමතමන්ගේ දේශපාලන ජීවිත කතාව පිළිබඳව සද්භාවයෙන් අවංකවම ආවර්ජනය කළොත් සියතින් ගෙල සිඳ ගන්න සිතේවි. වසර හැට ගාණක් විතර මේ රට විනාශ කරපු අසමත් දේශපාලුවන් නිසා පරම්පරා ගණනක අහිංසක දුප්පත් මිනිස්සු තවමත් දුක් විඳිනවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන්න අයිතිය ඇත්තේ දේශපාලනයට අත නොතැබූ මිනිසුන්ට පමණයි. දැන් පක්ෂ තියනවද. පාට තියනවද. ප්‍රතිපත්ති තියනවද? ඒ තියා ලැජ්ජා බය කියලා දෙයක් තියෙනවාද? රැවටිලා ඉවරයි. තවත් නම් රවටන්න බෑ. අවසානයේ දී දේශපාලනය කරන ඔක්කෝම එකට එකතුවෙනවා ඇත. ඒ රට වෙනුවෙන් නොව ඔවුනොවුන් වෙනුවෙනි. කරුණාකර සිතන්න. ශ්‍රී ලංකාවට විකල්ප විසදුමක් සඳහා දේශපාලකයකු නොවූ ජනතා නායකයෙක් අවශ්‍යව ඇත.
පොහොට්ටුව විතරක් නෙවෙයි, මේ අයත් බිංදුවට බැහැලා...
මේ වගේ අපිරිසිදු දේශපාලකයින් ඉවත් කළ යුතුයි...