IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදුලිය කැපුණොත් කොමිසමට කියන්න

(යොහාන් භාසුර)

උසස් පෙළ විභාගය පැවත්වෙන ලබන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවකට අවසර දී නොමැති නිසා අනවසරයෙන් කරන විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබද මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම පැමිණිළි 0775687387 යන දුරකථනයට වට්ස්ඇප් හරහා හෝ  [email protected] යන ඊ්මෙල් ලිපිනයට හෝ 0112392641 ෆැක්ස් අංකයට හෝ යොමු කරන ලෙස ද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියි.  



අදහස් (10)

විදුලිය කැපුණොත් කොමිසමට කියන්න

D.P.Liyanage Saturday, 28 January 2023 01:09 AM

අද විදුලිය කැපුණානේ. මොන බොරුද මෙයාලා කියන්නේ? මහජනතාව අන්දන එක තමයි කරන්නේ... එළිපිටම. සී.ඊ.බී. ඇප් එකෙනුත් විදුලි ගිණුම් අංකය යොදා බැලුවාමත් විදුලිය කැපෙන්නේ නෑ කියලා තමයි තිබුණේ... නමුත් අප ප්‍රදේශයට සවස 06:00ට විදුලිය කැපුවා. සවස 06:30ට පමණ ඇප් එකෙන් නැවත බැලුවා. එවිට තිබුණා සවස 06:00 ~ සවස 0720 කැපෙනවා කියලා. දැන් පාලකයින් මහජනතාව හෑල්ලුවට ලක් කිරීම උග්‍ර වශයෙන් සිදු කරනු ලබනවා.

:       0       0

අබිලින් Saturday, 28 January 2023 04:55 AM

මොනවා කියන්නද? ඊයේ රාත්‍රියේත් කැපුවාද නම් දන්නේ නැහැ.. විදුලිය නැතුව තිබුණා... (ජලය, විදුලිය කපන්න පුළුවන් දේවල් නොවෙයි නේද?)

:       0       0

C.K.Lankaputhra Saturday, 28 January 2023 05:31 AM

ගම්පහ අවට ඊයේ රාත්‍රියේත් විදුලිය කැපුවා...

:       0       0

sam Saturday, 28 January 2023 07:01 AM

ඔබතුමාට තිබෙන කොන්ද මේ රටේ දේශපාලුවන්ට නැති එක ගැන දැන් ජනතාව අවබෝධ කරගෙන තියෙන්නේ. කාංචන ලොක්කත් එක්ක එකතු වෙලා විදුලිබල මණ්ඩලය විකුණන් කන්න හදන කොට, එඩිතරව ඔවුන්ව පරාජය කරන්න කොන්දක් තියෙන්නේ ඔබතුමාට විතරයි...

:       0       2

D P Liyanage Saturday, 28 January 2023 07:02 AM

අද විදුලිය කැපුණානේ. මොන බොරුද මෙයාලා කියන්නේ? මහජනතාව අන්දන එක තමයි කරන්නේ... එළිපිටම. සී.ඊ.බී. ඇප් එකෙනුත් විදුලි ගිණුම් අංකය යොදා බැලුවාමත් විදුලිය කැපෙන්නේ නෑ කියලා තමයි තිබුණේ. නමුත් අප ප්‍රදේශයට සවස 06:00ට විදුලිය කැපුවා. සවස 06:30ට පමණ ඇප් එකෙන් නැවත බැලුවා... එවිට තිබුණා සවස 06:00 ~ සවස 0720 කැපෙනවා කියලා. දැන් පාලකයන් මහජනතාව හෑල්ලුවට ලක් කිරීම උග්‍ර වශයෙන් සිදු කරනු ලබනවා...

:       0       0

Sunil Saturday, 28 January 2023 07:30 AM

කිව්වොත් විදුලිය ලැබෙනවද? මෙයත් මීට වසරකට පමණ පෙර විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරිනියක්... විදුලිය නොකැපුවොත් අමාත්‍යාංශයට දන්වන්නැයි කියූ මුග්ධ ප්‍රකාශයට සමානයි.. විකාර...

:       0       0

iks chandrasiri Saturday, 28 January 2023 11:37 AM

විභාග පටන් ගත්තු දවසේ ඉඳන් හැමදාම විදුලිය කපනවා. මේ අය බබාලා වගේ කියනවා පැමිණිලි කරන්න කියලා... ජනතාවට කොකා පෙන්නන මේ වගේ අය ආණ්ඩුවෙන් පඩි අරගෙන තවතවත් අපිව මෝඩයින් කරන්න හදනවා.

:       0       6

anura Saturday, 28 January 2023 11:58 AM

ඉන්ධන නැතිව ලයිට් දෙන්න පුළුවන් ගැජට් එකක් ඔයාගේ ගාව තියෙනවද? ඒකේ ගාන කීයද? මමත් ඒවගේ එකක් හොය හොයා ඉන්නේ...

:       0       5

wicky Saturday, 28 January 2023 12:48 PM

දැන් වෙලාවක් දාන්නේ නැහැ... ඔහෙ කපනවා කලින් වෙලාවටම... කපනවාද නැද්ද දන්නේ නැහැ... කැපුවා කිව්වොත් බිඳ වැටීමක් කියාවි. ඔය කොමිසම කිව්වාට කැපෙන කාලය නැති වෙලා ඉවරයිනේ... ආපහු ගන්න පුළුවන්ද? ඇමැතිලාට ඉන්න පැතිවලටත් කැපුවා නම් තමයි හොඳ..

:       0       2

විජිත් Saturday, 28 January 2023 05:24 PM

ඔව් ඔව් ඔබ හරි !!! ඇයි ඇමතිලා කියලා දෙවියන්ද? ඇමැති වෙන්න කලින් කෝච්චියේ මාල කඩපු හොර පොල් කඩන්න ගස් බඩගාපු, රෑට රෑට කුකුල් හොරකමේ ගිය අය තමයි ඇමැතිලා කියලා මේක්අප් දමාගෙන ඔය උජාරුවට දියවන්නාවේ ඌරු කොටුවේ ඉඳගෙන රටම හොරා කන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site