(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවත්වෙන ලබන පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවකට අවසර දී නොමැති නිසා අනවසරයෙන් කරන විදුලි කප්පාදුවලට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබද මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම පැමිණිළි 0775687387 යන දුරකථනයට වට්ස්ඇප් හරහා හෝ [email protected] යන ඊ්මෙල් ලිපිනයට හෝ 0112392641 ෆැක්ස් අංකයට හෝ යොමු කරන ලෙස ද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද විදුලිය කැපුණානේ. මොන බොරුද මෙයාලා කියන්නේ? මහජනතාව අන්දන එක තමයි කරන්නේ... එළිපිටම. සී.ඊ.බී. ඇප් එකෙනුත් විදුලි ගිණුම් අංකය යොදා බැලුවාමත් විදුලිය කැපෙන්නේ නෑ කියලා තමයි තිබුණේ... නමුත් අප ප්‍රදේශයට සවස 06:00ට විදුලිය කැපුවා. සවස 06:30ට පමණ ඇප් එකෙන් නැවත බැලුවා. එවිට තිබුණා සවස 06:00 ~ සවස 0720 කැපෙනවා කියලා. දැන් පාලකයින් මහජනතාව හෑල්ලුවට ලක් කිරීම උග්‍ර වශයෙන් සිදු කරනු ලබනවා.
මොනවා කියන්නද? ඊයේ රාත්‍රියේත් කැපුවාද නම් දන්නේ නැහැ.. විදුලිය නැතුව තිබුණා... (ජලය, විදුලිය කපන්න පුළුවන් දේවල් නොවෙයි නේද?)
ගම්පහ අවට ඊයේ රාත්‍රියේත් විදුලිය කැපුවා...
ඔබතුමාට තිබෙන කොන්ද මේ රටේ දේශපාලුවන්ට නැති එක ගැන දැන් ජනතාව අවබෝධ කරගෙන තියෙන්නේ. කාංචන ලොක්කත් එක්ක එකතු වෙලා විදුලිබල මණ්ඩලය විකුණන් කන්න හදන කොට, එඩිතරව ඔවුන්ව පරාජය කරන්න කොන්දක් තියෙන්නේ ඔබතුමාට විතරයි...
අද විදුලිය කැපුණානේ. මොන බොරුද මෙයාලා කියන්නේ? මහජනතාව අන්දන එක තමයි කරන්නේ... එළිපිටම. සී.ඊ.බී. ඇප් එකෙනුත් විදුලි ගිණුම් අංකය යොදා බැලුවාමත් විදුලිය කැපෙන්නේ නෑ කියලා තමයි තිබුණේ. නමුත් අප ප්‍රදේශයට සවස 06:00ට විදුලිය කැපුවා. සවස 06:30ට පමණ ඇප් එකෙන් නැවත බැලුවා... එවිට තිබුණා සවස 06:00 ~ සවස 0720 කැපෙනවා කියලා. දැන් පාලකයන් මහජනතාව හෑල්ලුවට ලක් කිරීම උග්‍ර වශයෙන් සිදු කරනු ලබනවා...
කිව්වොත් විදුලිය ලැබෙනවද? මෙයත් මීට වසරකට පමණ පෙර විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරිනියක්... විදුලිය නොකැපුවොත් අමාත්‍යාංශයට දන්වන්නැයි කියූ මුග්ධ ප්‍රකාශයට සමානයි.. විකාර...
විභාග පටන් ගත්තු දවසේ ඉඳන් හැමදාම විදුලිය කපනවා. මේ අය බබාලා වගේ කියනවා පැමිණිලි කරන්න කියලා... ජනතාවට කොකා පෙන්නන මේ වගේ අය ආණ්ඩුවෙන් පඩි අරගෙන තවතවත් අපිව මෝඩයින් කරන්න හදනවා.
ඉන්ධන නැතිව ලයිට් දෙන්න පුළුවන් ගැජට් එකක් ඔයාගේ ගාව තියෙනවද? ඒකේ ගාන කීයද? මමත් ඒවගේ එකක් හොය හොයා ඉන්නේ...
දැන් වෙලාවක් දාන්නේ නැහැ... ඔහෙ කපනවා කලින් වෙලාවටම... කපනවාද නැද්ද දන්නේ නැහැ... කැපුවා කිව්වොත් බිඳ වැටීමක් කියාවි. ඔය කොමිසම කිව්වාට කැපෙන කාලය නැති වෙලා ඉවරයිනේ... ආපහු ගන්න පුළුවන්ද? ඇමැතිලාට ඉන්න පැතිවලටත් කැපුවා නම් තමයි හොඳ..