
(යොහාන් භාසුර)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 ක් නියෝජනය කරන මෙවර පළාත් පාලන මැතිවරණයට ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කොළඹදී අද (27) නිලවශයෙන් ආරම්භ කළේය.
එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ පළාත් පාලන මැතිවරණයේ තේමාව වන ‘නිදහස් වෙමු’ යන තේමාව සහ එම පක්‍ෂයේ සමාජ මාධ්‍ය පිටුව සහ එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීය.
එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ට ඇතුළත් පක්‍ෂවල නාකයකන් සහ නියෝජිතයන් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූහ.
පාරිලිමේන්තු මන්ත්‍රීවරු වන මහාචාර්ය ජී. එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, උදයන කිරිදිගොඩ සහ ගාමිණි වලේගොඩ, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපල සහ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ඇතු`ඵ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයින් නරකම පිරිසක්...
එක්කෙනෙක් දෙන්නෙක් ඇර ඔය හිතන් ඉන්න අනික් ඔක්කොම දෙපිටකාට්ටු අපතයින්...
1970 සිටම පාර්ලිමේන්තුවේ සිටින වාසිදේව ඔහු සිටින පක්ෂය කුමක් කළත් හරි කියලා (ඔහු රත්නපුර දිස්ත්‍රික්කය සඳහා කළ එකම කාරිය තමයි සමගි පෙරමුණු ආණ්ඩුව කැළනිවැලි දුම්රිය මාර්ගය වසන්න යෝජනා කළාම ඒකට අත උස්සලා අනුමත කිරීම) ඔහු විපක්ෂයේ සිටියදී ආණ්ඩුව කළ සියලු දේවල් වැරැදියි කියලා කඩාකප්පල් කළ අවුරුදු 90ට ආසන්න මිනිහෙක්. ජනතාව කියන්නේ වයස 65 ඉක්මවා සිටින ඔක්කොමලා ගෙදර යවන්න කියලා... එහෙනම් එහෙම වලපයයි ගොඩපයයි තියෙන පිරිස් නායකත්වය දරණ මෙම අතරමං කස්ටිය දේශපාලනයෙන් අතුගා දමන්න ඕනෑ...
පොහොට්ටුව කරපු හැමදේටම මේ අය වගකියන්න ඕනෑ... ආයෙත් මොවුන්ව පත් නොකර ඉන්න... හැමෝම ඉදිරිපත් වෙන්න ඕනෑ...
මේ ඔක්කොම පොහොට්ටුවොත් එක්ක හොරාකෑමේ ගිහිල්ලා පොහොට්ටුවන් එක්ක ගුටි කෙළගෙන... පොහොට්ටුවන්ගෙන් ගුටිකාලා එළියට වැටුණා. ‘‘නිදහස් ජනතා සංධානය‘‘ අනාගතයක් නැහැ...!
ඔතැන ඉන්නේ ඔක්කෝම ඡන්දෙන් ඡන්දෙට එක එක සංධාන ගහලා රටම අවුල් කරපු උන්දැලා...!