රට වෙනුවෙන් පොහොට්ටුව - එ.ජා.පය එකතු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (12) පැවසීය. 12 December 2022
ඩයනාට එරෙහි පෙත්සමට දින දෙයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය. 12 December 2022
සනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න කල් දෙයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය, නීතිපතිවරයාට ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබා දී තිබේ. 12 December 2022
පිටරට භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවූහ. 12 December 2022
‘‘බණ්ඩාරනායක දර්ශනය මහින්දලාට හරියන්නේ නෑ‘‘ තුන්වේලම හොඳට කාලා බීලා තෘප්තිමත් ජනතාවක් සිටිය රටක් බංකොලොත් කියලා ලෝකයටම ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුරුණෑගලදී පැවැසුවාය. 12 December 2022
සුළුපියා සිඟිති පුතා මරාදාලා නිදි යහන මතදී වයස අවුරුදු තුනහමාරක දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයාගේ සිරුර නිවස පිටුපස ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බව මීගහතැන්න පොලිසිය කියයි. 12 December 2022
වී කන මොනරුන්ට යස පාඩමක් මොනරුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන පරිදි වී වැපිරීමට හැකි නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 December 2022
රටේ වයස 5ට අඩු දරුවන්ගෙන් භාගයකට මන්දපෝෂණය වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදී තොරතුරු අනාවරණය විය. 12 December 2022
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය. 12 December 2022
වරායේ සිරවී තිබූ කිරිපිටි තොගය ඇප මත නිදහස් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්රැම් ලක්ෂ 4 රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා පැවසීය. 12 December 2022
මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000 ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. 12 December 2022
පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටු - අලි එකතු වෙයිද? ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් . චන්ද්‍රසේන මහතා පැවසීය. 12 December 2022
කිරිපිටි හිඟයෙන් නැවතත් පෝලිම් රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති. 12 December 2022
නිධන් හෙව්ව හතරක් පොලිස් බාරයට පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු ,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 12 December 2022
අක්කර 1500 බඩඉරිඟු වගාවට සේනා දළඹුවෝ වනසති අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගොවීහු පවසති. 12 December 2022
දරුණු විදියේ ලියුකේමියාව නසන ප්‍රතිකර්මයක් ප්රතිකාරවලින් අඩපණ කළ නොහැකි ආකාරයේ දරුණු ලියුකේමියා ලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 12 December 2022
මට්ටක්කුලියේ මනුෂ්‍ය ඝාතනයට අයෙක් මාට්ටු මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 12 December 2022
ප්‍රදේශ රැසකට අදත් වැසි ප්‍රදේශ රැසකට අද (12) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 December 2022
ඔරායන් කැප්සියුලය පැසිෆික් සාගරයට දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ආපසු ආ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත කෙරුණි. 12 December 2022
මාලිගාවත්තේ මෙහෙයුමකින් 25ක් මාට්ටු මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ හදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 December 2022
ගුවනින් එන මගීන් දුම්රිය යවන්න සාකච්ඡා කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ. 11 December 2022
‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් නිවාස 5640කට හානි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 5,640 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මින් නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 11 December 2022
රේගු පරීක්ෂකවරු මත්ද්‍රව්‍ය සමග මාට්ටු කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්ර මුද්දර, සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 11 December 2022
සජබ මහා සමුළුව බොරැල්ලේදී සමගි ජන බලවේගයේ සන්ධානයේ තුන්වැනි මහ සමුලුව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි 11 December 2022
තැපැල් සේවකයෝ වැඩවර්ජනයක් අරඹති ඒකාබද්ධ තැපැල් වෘත්තිය පෙරමුණ අද (11) පස්වරු 4.00 සිට හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි දැනුම්දී ඇති බවත් සේවය පවත්වාගෙන යෑම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 December 2022
ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලකින් වැටී තරුණයෙක් මරුට නාරාහේන්පිට පාර්ක් පාර ඉඳිකරමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇදවැටීමෙන් තරුණයකු මිය ගොස් ඇතැයි නාරහෙන්පිට පොලිසිය කියයි. 11 December 2022
රොටරි සභාපතිනිය දිවයිනට ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපතිනී ජෙනිෆ ජෝන්ස් (Jennifer Jones) මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට පැමිණියාය. 11 December 2022
ඔරායන් ආපසු එනවා ! ’ආර්ටිමිස් 1’ පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත. 11 December 2022
පියාගේ රාජාභිෂේකය හැරීට - මේගන්ට නැති වේ ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. 11 December 2022
විදෙස් සේවා නියුක්තියේ දූෂණ වංචා ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය. 11 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026