බිලියන 13 ක් පැරැණි විශ්වයේ වර්ණ ඡායාරූප එළිදකී
වසර බිලියන 13 ක් ඈත අතීතයේ, විශ්වයේ මණ්දාකිණි පිහිටීම සහ මණ්දාකිණි නිර්මාණය වූ ආකාරය ඡායාරූපයට නැගීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය.