IMG-LOGO

පුංචි ඡන්දෙ වලකන්න රජය යෙදු උප්පරවැට්ටි අසාර්ථකයි

(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා රජය පසුගිය මාස දෙක හමාරක කාලයේ දී උත්සාහයන් 7ක් ගනු ලැබුවත් ඒ සියල්ල අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වෙන බවට කිසිම සැකයක් නැතැයි කී මන්ත්‍රීවරයා මැතිවරණයේ කටයුතු ආරම්භ වී ඇති අවස්ථාවක අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කරන්නට ඔවුන් උත්සාහ කළොත් එය දේශපාලන සදාචාරයට නොගැලපෙන බව ද සඳහන් කළේය.

මැතිවරණ දිනය නම් කිරීමේදී කොමිෂන් සභාවේ සියලු දෙනා එහි නොසිටි බවට තර්කයක් රජය මතු කළත් එය ඉතා ගෝත්‍රීය යල් පැනගිය තර්කයක් බව කී ජී.එල් පීරිස් මහතා මෙය සියලු සාමාජිකයන් එක්වී ගත් තීරණයක් බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙවර මෙම මැතිවරණයේ එකම අරමුණ ප්‍රාදේශීය සභා නගර සභා සාමාජිකයන් පත්කිරීමම නොවන අතර, රජයේ ක්‍රියාකාරකම් ජනතා අධිකරණයේ තීන්දුව ලබාදීමට මෙය හොඳම අවස්ථාවක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

රජය ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණය නොපවත්වන්නට උත්සාහ කරන්නේ එහි ප්‍රතිඵලය ලැබුණු විගස පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජන රැල්ලක් ගොඩනැගෙන බව දන්නා නිසා බවත්, මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව වෙන්කළ මුදල ලබාදීම අසීරු බව පැවසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිසිම අයිතියක් නැතැයි ද ප්‍රකාශ කළේය.



අදහස් (5)

පුංචි ඡන්දෙ වලකන්න රජය යෙදු උප්පරවැට්ටි අසාර්ථකයි

ajith Monday, 23 January 2023 06:43 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට කැබිනට් ඇමතිකමක් ලබාදෙමු

:       0       0

සුප්පයියා Monday, 23 January 2023 07:20 PM

අනේ චන්දය තියලා උඹලා ආවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ. මෙච්චර කල් කරපු හැටි දැක්කනේ. අනේ චන්දෙට යන සල්ලි. බඩු මිල තවත් ඉහලට. සාමාන්‍ය ජනතාවට නම් චන්දනෙමෙයි ඕනෑ. දරුවන්ගේ බඩ ගින්න නිවා ගන්න. චන්දෙ ඕනෑ උන් උන්ගේ සල්ලි වියදම් කර චන්දය තියා ගත්තොත් හොඳා

:       0       0

Saththaya Monday, 23 January 2023 09:21 PM

රට මේ තත්වයට පත්වෙන්න උදව් කරපු ඔබලා දැන් සාර්ථකද ?

:       0       1

kusumsiri Tuesday, 24 January 2023 03:30 AM

මෙන්න මේ සීයාවත් ඊළඟ ඡන්දෙන් ගෙදර තියන්න ඕන කෙනෙක්.

:       0       1

sharm warn Tuesday, 24 January 2023 09:14 AM

මෙන්න මෙයාට තමන්ගෙ උගත් කම වැටහෙන්න පටන් අරන් වගේ. ‌හොරු එක්ක ලගිනකොට ඔව තේරුනේ නැද්ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 458 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site