IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සක්විති වංචා කළ මුදල් ගෙවන හැටි දැනුම් දෙන්න

(මනෝප්‍රිය ගුණසේකර)

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහි නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් සහ චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව ලබන මාර්තු මස 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබඳි මහතා අද (23) නියම කළේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් විත්තිකරුවන්ගේ නීතිඥවරයා ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් රජයේ නීතීඥවරිය කළ දැනුම් දීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතු`ථ විත්තිකරුවන් එකොළොස් දෙකනුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් කිහිප දෙනෙකු නඩුවේ සංශෙශා්ධිත චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානමින් සිටින්නේ යැයි දැනුම් දුන්හ.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිට රජයේ නීතීඥවරිය තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය වී ඇතැයිද කීය.

අදාළ වාර්තාව අධ්‍යනය කොට අධි චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය සහ නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා මාස 1 1/2ක කාලයක් ලබාදෙන්නැයි රජයේ නීතීඥවරිය ඉල්ලීමක්ද කළාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණීල්ලේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා මාර්තු මස 14 වැනිදා නඩුව යලි කැඳවීමටද නියම කළේය.



අදහස් (1)

සක්විති වංචා කළ මුදල් ගෙවන හැටි දැනුම් දෙන්න

Sunil Tuesday, 24 January 2023 05:05 AM

මෛත්‍රිපාලට වඩා හපන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 774 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site