(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට 65 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස සියයට 59.2 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම නොවැම්බර් මස සියයට 69.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59.3 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
නොවැම්බර් මස සියයට 60.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
දෙසැම්බර් මස සියයට 59.2 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 29.5 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 29.6 ක දායකත්වයක් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තරේ රුපියල් 50 ට වත් ගන්න බැරිවෙලා තියෙද්දී උද්ධමනය පහළ බැහැලා කියන්නේ රෝසිගේ පාටිය දිහා බලලද.?