පළාත් කිහිපයකට වැස්ස වැඩිවෙයි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 November 2025
ගෙලිඔය අනතුරකින් කතක් මරුට:දෙකක් රෝහලට පේරාදෙණිය ගෙලීඔය කරමඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදී මියගොස් තවත් පුද්ගලයකු සහ කුඩා දැරියක තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි. 12 November 2025
ආණ්ඩුව ගොවියා අනාථ කරලා වර්තමාන ආණ්ඩුව ගොවියාගේ ඡන්දයෙන් පැමිණ ගොවියා සම්පූර්ණයෙන්ම අනාථ කර ඇති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (12) පැවසීය. 12 November 2025
ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රතිඥාවක් පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(12)සහතික විය. 12 November 2025
හුංගම අනතුරින් ටිපර් රියැදුරු මරුට:35කට තුවාල කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් ටිපර් රථ රියදුරා මියගොස් 35 දෙනකු පමණ තුවා ලබා ඇතැයි හුංගම පොලීසිය කියයි. 12 November 2025
දරු ප්‍රසූතියට ගිය හෙදිය මෙලොව හැර යයි මහනුවර ජාතික රෝහලේ හෙදියක තම තෙවැනි දරුවා ප්‍රසූත කිරීමට යාමේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 12 November 2025
සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙන ගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
උතුරට ගිය දකුණේ නෑයෝ සිත් තබා යළි එති ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ Youth Link Sri Lanka වැඩසටහනෙන් යාපනයට ගිය තරුණ තරුණියෝ අද(12) කණ්ඩායම් නැවතත් තම ගම්බිම් බලා අද (12) පිටත්ව ගියහ. 12 November 2025
හම්බන්තොට අලි කැලේට පැන්නීම සාර්ථකයි හම්බන්තොට ජනජීවිතයට බලපෑම් එල්ලවන සේ ගම්මාන ආසන්නයේ සිටින වන අලින් රක්ෂිත කලාපයට පැන්නීමේ කටයුුතු ඉතාම සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා කීය. 12 November 2025
දඹුලු විපක්ෂය ලූනු මාල දමයි ලොකු ලූනුවලට මිලක් නැතැයි කියා ඊට විරෝධය දක්මනින් දඹුල්ල ප්‍රාදේශීය සභා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලොකු ලූනුවලින් නිර්මානය කළ මල් මාලවක් පැළඳ අද පැවැති මහසභා රැස්වීමට පැමිණියහ. 12 November 2025
බීට්ටු වන නිලධාරී අල්ලස් දැලේ තේක්ක දැව ඉරීම සදහා බලපත්‍ර ෙදකක් සකස්කරදීම සදහා රුපියල් 10,000 ක මුදලක් ලබාගත් බව කියන ෙදහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් ෙහා් දූෂණ ෙචා්දනා විමර්ශන ෙකාමිෂන් සභාව පවසයි. 12 November 2025
වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය. 12 November 2025
අලි පන්නන්න හැදූ කුටි කැලෑවට වනඅලියන් ගම් වැදිම පාලනය කිරිමට හා විදුලි වැට ආරක්ෂා කිරිමේ අරමුණින් උතුරු මැද අලි තර්ජනය පවතින ගම්මාන රැසක රැපියල් ලක්ෂ 350 කට අධික මුදලක් වැය කොට ඉදිකළ ආරක්ෂක මුරකුටි 81ක් කිසිදු ඵල ප්‍රයෝජනයකට නොගෙන වසරකට අධික කාලයක් තිස්සේ වල්බිහිවි විනාශයට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර ආසන සංවිධායක කේ.විජේවීර මහතා පවසයි. 12 November 2025
ප්‍රසන්න රණතුංග ඇප ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණය ක්‍රමයක් ඍජුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබානොගෙන තැරැව්කාර සමාගමක් මැදිහත් කර ගනිමින් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියම කළේය. 12 November 2025
‘‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගේ ඒවා නොවේ‘‘ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේ යෝජනාවක් නොවෙයි 200 කට අධික විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකගේ යෝජනා. ඒ අනුව නව කෝණයකින් යුක්තව ධනාත්මක අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ක්‍රමානූකූලව සිදුවනවා. ඒ තුලින් ජනතාවට අහිමි වූ බොහෝ දෑ යළි දිනා ගැනීමට හැකියාව පවතිනවා යැයි අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරීනී අමරසූරිය මෙනවිය පැවැසුවාය. 12 November 2025
කුඩු සමග ඇල්ලූ කටියාව විදුහල්පති රිමාන්ඩ් හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිළි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත දින හතක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කළ වැඩතහනමට ලක් වූ විදුහල්පතිවරයා සහ හෙරෝයින් ග්‍රෑම් 69 ක් සමඟ අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රි හෙට්ටිආරචිචි මෙනවිය අද නියෝග කළාය. 12 November 2025
අස්වැසුම දෙවැනි අදියර සල්ලි හෙට ගිණුම්වලට අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 12 November 2025
හැඳුනුම්පත් නිකුතුව කඩිනම් කරන්නැයි ජනපති නියෝග ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 12 November 2025
බේරේ වැව සුද්ද කරන්න රොබෝ තාක්ෂණය රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ. 12 November 2025
දිලිත් ආණ්ඩුවේ හොඳක් කියයි ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(සර්ව ජන බලය) පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
අපි ගමන යන්නේ ආර්ථිකයෙන් හැලුණු අයත් එකතු කරගෙන රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 16ක ප්‍රමාණයක පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයට හැකියාව ලැබුණ බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
හිංසන සිද්ධිය: කමිටුව මැතිසබේ ලියකියවිලි අවුස්සයි පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම විමර්ශනයට අවශ්‍ය කෙරෙන ලිපි ලේඛන රැසක් පාර්ලිමේන්තුවෙන් පසුගිය සතියේදී ලබාගෙන ඇත. 12 November 2025
’’ලංකාවට තර්ජනයක් නෑ’’ ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතත් එම සිදුවීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 12 November 2025
පසුගිය අයවැයෙන් ගේනවා කියූ පනත් කෝ? ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී ගෙනෙනවා කියූ පනත් 11න් එකක් වත් ගෙනවිත් නැති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
කොච්චර බිරුවත් අපේ ගමන යනවා කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 November 2025
අයවැය විවාදෙ විසූක දස්සන එපා මැතිසබේ අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ විසූක දස්සන කතා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සේන නානායක්කාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ අද අයවැය විවාදය අරඹමින් පැවසීය. 12 November 2025
මත් වැරදි කරුවෝ 1105ක් දැලේ ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1105 ක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 November 2025
රජරට සරසවියේ වර්ජනයට දින 14යි තවම විසැඳුමක් නෑ රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැයි බව රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි. 12 November 2025
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(12) පෙරවුරුයේ අත්අඩංගුවට ගෙන තිබේ. 12 November 2025
කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 19 ක ආසන්න වශයෙන් මත් කුඩු කිලෝ 350ක් පමණ ඇතැයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 12 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026