
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව විසින් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලයක් ගොඩනැගීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් තරුණයෙක් හෝ තරුණියක් බැගින් තෝරාගැනීම ආරම්භ කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි.
ඒ අනුව තෝරාගන්නා තරුණ තරුණියන් සඳහා ලබාදෙන පුහුණුව, ආවරණය කරනු ලබන විෂය පථය සහ පුහුණුවෙන් අනතුරුව ඔවුන්ට හිමිවන අවස්ථා පිළිබඳ සාකච්ඡාවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම පුහුණුව එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොකර පුවත්පත් කලාව, රූපවාහිනිය සහ ගුවන් විදුලිය, ඩිජිටල් මාධ්‍ය ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සිදු කිරීමට නියමිතය. වසරක පුහුණු වැඩසටහනක් ලෙස මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
අයැදුම් පත්‍ර 2500 කට ආසන්න ප්‍රමාණයකින් තෝරා ගත් තරුණ තරුණියන් සඳහා මෙම අවස්ථාව හිමිවේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් , ජනමාධ්‍ය අමාත්‍යංශයත් එක්ව මෙම වැඩසටහන සිදු කරනු ලබයි.
සම්මුඛ පරීක්ෂණයකින් පසු ඒ සඳහා තරුණ තරුණියන් තෝරාගැනීම සිදුකරන අතර, මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම සහ වඩා යහපත් මාධ්‍යකරණයක් උදෙසා වෘත්තීය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
මෙම සාකච්ඡාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අංශයේ අතිරේක ලේකම් සුමිත් ශාන්ත, රජයේ ප්‍රවෘත්තිය අධ්යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහත්ම මහත්මීහු මීට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා ඩෝබිලා ටිකක් මාධ්‍යවේදින් කරගත්තහම වැඩ කරන්න දේශීය. රාජ්‍ය අත්පත් කරගන්නවා කියන්නේ ඕකට තමයි.
හොඳයි
ඩෝබි ජාලයක්