
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු වලට කඩ්නමි විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
එහි දී මහජන සෞඛ්‍ය හෙද ක්ෂේත්‍රය පුළුල් කරමින් වඩාත් විශිෂ්ට සේවාවක් ජනතාවට ලබාදීම සඳහා මානව සම්පත යොදාගත හැකි ක්‍රමවේදයන් මෙන්ම පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
අද (12) යෙදී ඇති “ජාත්‍යන්තර හෙද දිනය” වෙනුවෙන් එම සේවාවට බලපාන ගැටලුවලට විසදුම් ලබා දීම ද මෙම හමුවේ එක් අරමුණක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සාකච්චාවට අර උණු වතුර බෝතලය සම්බන්ද වුනේ නැද්ද?