
(ගයාන් සූරියආරච්චි)
දකුණේ ක්‍රියාත්මක පාතාලය මර්දනය කිරීමට විශාල සේවයක් ඉටුකළ පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පැදවූ පැදිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ ප්‍ර දේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසයේ මනුෂ්‍ය ඝාතන විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්තඩංගුවට ගෙනඇති අතර උතුරේ පාතාල කල්ලි ක්‍රියාකාරකම්වලට යොදාගත් බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 15 ක් මීටියගොඩ ප්‍ර දේශයේ වළදමා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.
පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතා ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස දිනෙක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එම ඝාතනය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලී අනාවරණය වී තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් සිදුකෙරුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ වනවිටත් යතුරුපැදිකරු හා වෙඩික්කරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණ වී නොතිබුණු අතර සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන සනත් ද සිල්වා නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂක දැඩිමුණ බාලේන්ද්‍රන් මහතාගේ ඝාතනය සංවිධානාත්මක අපරාධකරුවකු වන 'සමන් කොල්ලා' නමැත්‍තා මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපළ කරයි.
'සමන් කොල්ලා' නමැත්‍තා කරන්දෙණිය සුද්දාගේ සහ SF රාජුගේ සමීපතමයෙකු ලෙස ආශ්‍රය කර අතර මේවනවිට ඔවුන් අතර යම් විරසකයක් ඇති බවට පොලිසිය හදුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර රන්මල් කොඩිතුවක්කු මහතා ගේ මගපෙන්වීමෙන් එම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත එහි අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ශානක උදයකුමාර මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd