(සුජිත් හේවාජුලිගේ)

යුද්ධය අවසන්කර රට සංවර්ධනය කිරීමට ලොකු කාර්යභාරයක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන පුරවැසියන් හැටියට ලැජ්ජාවක් සහ කණගාටුවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර  කාරියවසම් මහතා පැවසීය.

මහින්දට හංගන්න දෙයක් නොමැති බවත් කියන ඕනම තැනකට පැමිණීමට ඔහු සූදානම් බවත් හෙතෙම  සඳහන් කළේය

සාගර කාරියවසම් මහතා මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මහින්දගේ සල්ලි උගණ්ඩාවේ සහ ඩුබායිවල තිබෙන බවට ආණ්ඩුවේ ඇත්තන් මුලින් පැවසුවත් එවැනි මුදල්  නැතැයි  දැන් දැන් ඔවුන් ප්‍රකාශ කිරීමට පටන්ගෙන  ගෙන ඇති බවද ඔහු කීවේය