බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේ 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
ලංකාවට මෙට්‍රෝ බස් ජුනි මාසයේදී ලබන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 11 November 2025
මීගහකිවුල සභා අයවැය ජාජබ දිනයි ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපතිවරයාගේ තීරක ජන්දය භාවිතාකරමින් වැඩි ඡන්ද එකකින් (01) අද (11) සම්මත කර ගත්තේය. 11 November 2025
ආයෝජන ආරක්ෂණයට අලුත් පනතක් එයි ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
බන්ධනාගාරෙට වාහන 58ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
චිත්‍රපට සංස්ථා පනත ’’මොඩ්’’ වෙයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
මත්තල ගුවන්තොටෙන් කෝටි 3936ක පාඩුවක් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර හතේදි (2018 - 2024) රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 11 November 2025
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගනයක් යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙනස් වෙයි සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 November 2025
පවුල් සෞඛ්‍ය සේවා ගැටලු ලිහන්න තාක්ෂණ කමිටුවක් පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 11 November 2025
කන්දකැටිය අයවැය පරාදයි ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය වැඩි ඡන්ද හතරකින් (04) අද පරාජයට පත් විය. 11 November 2025
අයවැය ගැන විපක්ෂයට උගන්වන්න වෙලා අයවැය ලේඛනයක් කියන්නේ කුමක්දැයි විපක්ෂයට මුල සිට උගන්වන්නට සිදුවීම කණගාටුවට කරුණක් බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 November 2025
පොහොට්ටුවට දෙන කැබ් රථ තුන සෞඛ්‍ය අමාත්‍යංශයට පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය. 11 November 2025
සුදු සැරයටි දිනයට පුරපතිනියත් දෑස් බැද සහභාගීවෙයි කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනය නිමිතාකොට ගෙන දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට අද (11) සහභාගී විය. 11 November 2025
ලස්සන ජීවිතයක් දෙන්න ඇවිත් මිනිස්සු අසරණ කළා පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න ජන වරම් තුනකුත් අරගෙන අද නිර්මාණය කර තියෙන්නේ දුක් විදින රටක් අසරණ ජීවිතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අයවැය විවාදය අමතමින් පැවසීය. 11 November 2025
කන්ටේනර් කමිටුවට බාලගිරි දෝෂය කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී මාසයක් ගත වී ඇතත් එම කාරක සභාව පිහිටුවීමට තවමත් නොහැකි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2025
හදවත් රෝගී දරුවන් පනහකට ඉන්දියාවේදී සැත්කම් මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහලේ දී (Amrita Hospital) හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. 11 November 2025
මැතිසබයේ මුල් පුටුවලට අලුත් මන්ත්‍රීලා අටක් ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහත්වරුන් පත්කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 11 November 2025
දිල්ලි ප්‍රහාරයෙන් මියගිය ගණන 9 ක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ (10) රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය ගණන මේ වනවිට නවය තෙක් ඉහළ ගොස් ඇත. පිපිරුමට හසුවීමෙන් තුවාල ලැබූ ගණන 20 ක් යැයි පැවැසෙයි. පුපුරා ගියේ කාර් බෝම්බයකි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ. 11 November 2025
දඹුල්ලේ විකුණන්න බැරි වට්ටක්කා වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති වීම සහ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ගොවිහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කියති. 11 November 2025
සංචාරකයින් මුලා කරන තිදෙනෙකු අල්ලයි සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරට අසිරිය විඳගැනීම සඳහා පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවව සංචාරක පොලිසිය කියයි 11 November 2025
නවදිල්ලි බෝම්බ පිපිරුම: ලෝක නායකයෝ සොව පළ කරති නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සොව පළ කර ඇත 11 November 2025
කොටහේනේ ඝාතකයින් පැමිණි මෝටර් රිය හමුවෙයි කොටහේන 99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේදී වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමු වූ බව කොටහේන පොලිසිය කියයි. 11 November 2025
ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගැල් ගම්මානය වෙත මෝටර් රථයකින් අනවසරෙන් ඇතුළුව සිටි පුද්ගලයෙකු. ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 11 November 2025
සවස 1.00 පසු තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 November 2025
අල ලූනු ප්‍රශ්නයට රජයේ විසඳුම වෙළඳ ඇමති කියයි අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2025
පිපිරුම ගැන මෝදි දැනුවත් කෙරේ නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය. 10 November 2025
දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහළට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල ලාල් ක්විලා මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 11 කි. 10 November 2025
ප්‍රබල පිපිරීමකින් දිල්ලිය කැලඹෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආශ්රිත ප්‍රබල පිපිරීමක් සිදුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට පුපුරා ගියේ කාර් බෝම්බයකි. 10 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026