අලි පහරදීමකින් ගොවියෙක් මරුට කහටගස්දිගිලිය දිවුල්වැව ප්‍රදේශයේදී අද අලුයම වන අලියකු පහරදීමෙන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය දිවුල්වැව පොලිසිය පැවසීය. 09 November 2025
හෙද සිසුන් 2650ක් අලුතින් දෙසැම්බර් මාසයේදී හෙද සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 November 2025
නුවරඑළිය වෙළෙන්දෝ දෛණික රාජකාරියෙන් ඉවත් වෙති දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් හෙට (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය. 09 November 2025
අම්බලන්ගොඩ මාලු ව්‍යාපාරික ඝාතනයට තුනක් සැකපිට අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිටදී ඝාතනය කෙරුණු මාලු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තිදෙනකු අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කීවේය. 09 November 2025
උසස් පෙළ දරුවන්ට ආපදා දැනුම් දෙන්න අංකයක් උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත. 09 November 2025
වියදම් නැතිව ඇමෙරිකා ගුවන් ගමන් 1400ක් නවතී ඇමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් පෙරේදා(08) දිනයේ පමණක් එරට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 1400 ක් අවලංගු වී තිබූ බවත් තවත් ගුවන් ගමන් 6000 ක් ප්‍රමාද වී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 09 November 2025
මත් වැරදිකරුවෝ 994 ක් කොටු ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 994ක් ඊයේ (8) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 November 2025
සෞඛ්‍ය ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක් නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 November 2025
ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 November 2025
ගින්නකින් කඩකාමර හතරක් විනාශයි අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 09 November 2025
නිධන් සොයන්න ගිය තිදෙනකු පොලිස් දැලේ ගලෙන්බිඳුණුවැව , වැවේ සොරොව්ව ආසන්නයේ නිවසක පිටුපස නිධන් වස්තු සෙවීමේ අරමුණින් අනවසරයෙන් කැණිම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගලෙන්බිඳුණුවැව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 November 2025
ජල මාර්ග ප්ලාස්ටික් වලින් බේරා ගන්න වැඩක් අරඹයි කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ වැඩසටහනක් අරඹා තිබේ. 09 November 2025
ආයුර්වේද වෛද්‍ය පීඨ වල ගැටලු ලිහන්න යයි මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයුර්වේද වෛද්‍ය පීඨයන්ගේ පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසැඳුම් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 November 2025
අද කාලගුණය බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 09 November 2025
අසභ්‍ය වීඩියෝපට එංගලන්ත වෙබ්අඩවියකට මුදාහළ යුවළක් අල්ලයි වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවියකට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 09 November 2025
කන්දේගම ධර්ම ශාලාවට වන අලි ප්‍රහාරයක් පොළොන්නරුව ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට අද (8) එල්ල වු වන අලි ප්‍රහාරයකින් ධර්ම ශාලාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බව, ධනංජය රජමහා විහාරාධිපති කන්දේගම දීපවංසාලංකාර නාහිමියන් සඳහන් කරති. 08 November 2025
ට්‍රැක්ටරයකට යටවී දරුවකු මරුට වැලිකන්ද අසේලපුර සිට කුරුළුබැද්ද දෙසට ධාවනය වු ටැක්ටර් රථයකට,රාත්‍රි 7.00 ට පමණ පාර මාරුවෙමින් සිටි පිරිමි දරුවෙකු යට වීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 08 November 2025
මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සමඟ ධීවරයෝ 6 ක් අත්අඩංගුවට අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 08 November 2025
‘‘අපේ දරුවන්ට අශිලාචාර දේ උගන්වන්න එපා‘‘ අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී අද පැවසූහ. 08 November 2025
වතුකරයේ ජනතාව සතුට පළ කරති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ඉදිරිපත් කරමින් වතු සේවකයන්ගේ දෛනික වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට යෝජනා කිරීමත් සමග වතුකරයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ. 08 November 2025
ත්‍රිරෝද රියක් පෙරළී පහක් රෝහලේ තලවකැලේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මර්ගය හරහා පෙරලි යාමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමුන් ඇතුලු 5 දෙනකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළබව නානුඔය පොලිසිය පැවසීය. 08 November 2025
මනම්පේරි කුඩුවලින් සොයා ගත් බසයක් - මෝටර් රථයක් අල්ලයි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගෙන් ප්‍රශ්න කිරීම් අනූව එම සැකකරු විසින් ජාවාරම් සිදු කිරීම සඳහා යොදාගත් කැබ් රථයක්, මෝටර් රථයක් සහ ජාවාර වලින් උපයා ගත් මුදලින් ලබාගත් බව කියන බස් රථයක් පස්වරුවේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බාරයට ලබාගෙන ඇත. 08 November 2025
සරසවි නේවාසිකාගාරයෙන් කලලයක කොටස් හමු වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 08 November 2025
ජනපති අයවැයේදී නොකිව් දෙයක් හර්ෂ මතක් කරයි ජනතාවගෙන් දේපළ බද්ද අය කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බවත් මෙවර අයවැයේදී ජනාධිපතිවරයා ඒ ගැන වචනයක් හෝ නොකියූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 November 2025
පළාත් සභා අවුල: ආණ්ඩුවෙන් අලුත් තීරණයක් පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ළඟදීම කැඳවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ලංකාදීපයට පැවසීය. 08 November 2025
මැතිසබා කමිටුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයට නියෝගයක් රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ 17 වන කාණ්ඩායමේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු, තාවකාලික පදනමින් හෝ අවශ්‍ය මානව සම්පත ලබාගෙන ආරම්භ කරන ලෙස අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 November 2025
විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටුණු අයවැයක් මෙවර අයවැයෙන් විපක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටුණු බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 08 November 2025
කෝටි පහක හෙරොයින් සමග තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 3 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයන් තිදෙනෙකු ගාල්ල සීනිගම ප්‍රදේශයේදී අද(8) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 08 November 2025
අවුරුද්දකට පෙර කළ ඝාතනයකට තිදෙනෙක් මාට්ටු මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දිග යාමෙන් පුද්ගලයකු ඝාතනය කර වැසිකිළි වලක දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය. 08 November 2025
ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ. 08 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026