සැමියාගේ නම කුඩුවලට ගෑවුනු ජාජබ මන්ත්‍රීවරිය අස් වෙයි සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 06 November 2025
කොලොන්න අය වැය ජාජබ පරාදයි මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය. 06 November 2025
විද්‍යා තාක්ෂණ දියුණුවට උපරිම සහය දෙනවා රටේ තිරසාර අනාගතය හැඩගස්වන අත්‍යවශ්‍ය බලවේගය වන විද්‍යාව හා තාක්ෂණය සඳහා රජයේ සහයෝගය වැඩි කිරීමට සැලකිය යුතු පියවර ගන්නා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. 06 November 2025
කුඩු සමග ඇල්ලු විදුහල්පති දින හතක් ප්‍රශ්න කරන්න අවසර එප්පාවල ඇඳගල ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරුවකු දින 7 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග අවසර දුන්නාය. 06 November 2025
යතුරුපැදිකරු දුරකතන කණුවක ගැටී මරුට හෝමාගම ගැමුණු මාවත අසළ දුරකථන කණුවක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත්තේ පැදිකරු මියගොස් පසු පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (06) දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 06 November 2025
ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය. 06 November 2025
ගෙවත්තකින් විදෙස් ගිනි අවියක්-පතුරොම් හමුවෙයි කහටගස්දිගිලිය ප්‍රද්ශයේ ගෙවත්තක තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් හා පතොරම් තොගයක් ඇතුලු පාර්සලයක් සොයා ගැනීමට කහටගස්දිගිලිය පොලිසිය සමත්ව තිබේ. 06 November 2025
ඉෂාරා ඉන්දියාවට පැන්නූ සැකකරුගේ ප්‍රකාශයෙන් තවත් උණ්ඩ සොයාගනී ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 06 November 2025
වසරේ ගතවූ කාලයේ 230 ක් දියේ ගිලී මරුට දියේ ගිලිම් හේතුවෙන් 230 දෙනකු වසරේ ගත වූ කාල සීමාවේදී මියගොස් ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි. 06 November 2025
නව ආයුර්වේද කොමසාරිස් වැඩ බාර ගනියි නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහත්ම මහත්මීන් මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරු වල වැඩ බාර ගත්හ. 06 November 2025
අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි රජයේ අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වේ. 06 November 2025
හෙලිකොප්ටර් ටෙන්ඩරය ගැන කියන්න කල් ඉල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානා 4ක සම්පූර්ණ අලුත්වැඩියාවට අදාල ටෙන්ඩරය කොන්දේසි ලේඛන සම්පූර්ණ නොකළ බව කියන සමාගමකට දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතියක කාලයක් ඉල්ලා සිටියේය. 06 November 2025
ත්‍රි‘මලේ පාසලක පුස්තකාලය ගිනිගනී ත්‍රිකුණාමල , ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) උදෑසන පාසල් ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ ඇතිවූ හදිසි ගින්නකින් පුස්තකාලයේ පොත් සියල්ල ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි. 06 November 2025
රජයේ අයවැය ලේඛනය හෙට මැතිසබයට 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 06 November 2025
අයවැය යෝජනා ජනපති නිරීක්ෂණයට 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. 06 November 2025
මත් වැරදිකරුවෝ 980 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980ක් ඊයේ (5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 06 November 2025
පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. 06 November 2025
අංක තහඩු මාරු කළ යතුරු පැදියක් සමඟ හිටපු පීසී මාට්ටු සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි. 06 November 2025
පොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 06 November 2025
දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 November 2025
සැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය. 06 November 2025
ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 06 November 2025
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි. 06 November 2025
අල්ලසින් කප් එක පොලිසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 06 November 2025
කැලණියේදී මෝටර් රථයක් දුම්රියක ගැටේ කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 05 November 2025
මත්සාදයක් වටලා දස දෙනකු අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක් තුළ පැවති මත්ද්‍රව්‍ය සාදයක් වටළා එහි සිටි කාන්තාවක ඇතුළු තරුණයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 November 2025
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන් කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. 05 November 2025
විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 November 2025
පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සෙව්වන්දි සොයිසා මෙනෙවිය අද (5) නියෝග කළාය. 05 November 2025
කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කළහ. 05 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026