ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරට 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර මහතා හිමි කර ගත්තේය. 13 September 2025
අක්කරයක කංසා හේනක් වටලයි බලංගොඩ මැදබැද්ද බෝගහපටිටිය රක්ෂියේ වගාකර තිබු අක්කරයකට ආසන්න කංසා හේනක් වටලා සැකකරුවන් හතර දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට බලංගොඩ සහකාර පොළිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරිහු අද (13) පස්වරුවේ කටයුතු කළහ. 13 September 2025
බලංගොඩ නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් බලංගොඩ නන්පෙරියල් රක්ෂියේ අද (13) දා රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව ප්රදේශවාසිහු පවසති. 13 September 2025
උල්හිටිය රත්කිද ජලාශයේ වාන් 3 ක් විවර කරයි උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කළ බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි . 13 September 2025
ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව විරෝධතාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය, නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ කටුනායක ස්ටාර් ගාමන්ට් ශාඛාවේ සේවක සේවිකාවන් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී අද (13) දින පස්වරුවේ පැවැත්වීය . 13 September 2025
තැපෑල මොඩ් කරන්න මිලියන 2085ක් මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 13 September 2025
පාතාලය නැති කළ හැටි ගෝඨාගෙන් අහන්න මේ රටේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ කෙසේදැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. 13 September 2025
නේපාල අලුත් අගමැතිනියට ජනපතිගෙන් සුබ පැතුම් නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ. 13 September 2025
ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එන සතියේදී සකස් කර අවසන් කෙරෙනු ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2025
රාජ්‍ය නූතනත්වයට එසවීමට ලබන අයවැයෙන් ලොකු අවධානයක් දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 13 September 2025
ගොවිතැනටත් රොබෝ තාක්ෂණය එයි NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී පැවැත්විණි. 13 September 2025
හිටපු ජනපතීන්ගේ භුක්ති වින්ද සැප ලැයිස්තුව මෙන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහය යන හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට පසුගිය වසර නවයක කාලයේදී ( 2017 සිට 2025 දක්වා). රුපියල් කෝටි හතළිස් නවයකට වැඩි මුදලක් වැය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2025
නියෝජ්‍ය ඇමතිවරුන් පිළිනොගැනීමට විපක්ෂයෙන් තීරණයක් නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් වෙනුවෙන් දෙන පිළිතුරු පිළිනොගැනීමට විපක්ෂය තීරණය කර ඇත. 13 September 2025
හොර පාරෙන් ගෙනා ජීප් 2ක් සමග හිටපු නගර සභාපතිවරයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ආනයනය කළ බව කියන ජීප් රථ 2ක් සමඟ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 13 September 2025
බැකෝ සමන්ගේ සමීපතමයෙක් ගිනි අවියක් උණ්ඩ සමග මාට්ටු දැනට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී අසූ එක ගිනි අවියක් සහ උණ්ඩ 97ක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 13 September 2025
කතානායකට විශ්වාසභංගය එන සතියේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි. 13 September 2025
ඝාතන දෙකකට සම්බන්ද දෙකක් අත්අඩංගුවට මරදාන සහ බොරලැස්මුව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 13 September 2025
හේමා වාහනේ බාර දෙයි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 13 September 2025
ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින් ග්‍රාමීය සහ විවිධ සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය. 13 September 2025
පවරා ගත් ගෙවල් වලට කරන දේ කියයි හිටපු ජනාධිපතිවරුන්ගෙන් පවරා ගනු ලැබූ නිවාස ඉදිරියේදී රජයේ කාර්යාල සහ ආදායම් උත්පාදන කාර්යයන් වෙනුවෙන් යොදවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2025
බොරැල්ල ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 13 September 2025
කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස 18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී. 13 September 2025
මෛත්‍රී දින දෙකක් ඇතුලත ගෙදරින් යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු ජීවත් වූ කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ රජයේ නිවසින් ඉදිරි දින දෙක ඇතුළත නික්ම යන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 13 September 2025
බාලාංශ සිසුවාට දහයේ සිසුවෙක් ගහලා හක්මන ප්‍රදේශයේ පාසලක පළමු වසරේ සිසුවකුට එම පාසලේ දහය වසරේ සිසුවකු පහරදී කුරුඳු ඉඩමකට දමා ගොස් සිටියදි සොයාගත් බව හක්මන පොලිසිය පවසයි. 13 September 2025
’’අල්ලස් පනත්වල බරපතළ අඩුපාඩු’’ අල්ලස් කොමිෂන් සභා පනත්වල බරපතළ අඩුපාඩු පවතින බවත් ඉංග්‍රීසි පනත කියෙව්වොත් තමාට මේ තනතුරේ පවා රාජකාරිය කිරීමට නොහැකි බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසීය. 12 September 2025
විධායක නිලධාරීන්ට කෘත්‍රිම බුද්ධිය උගන්වයි රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 12 September 2025
බලංගොඩ රා තැබෑරුම කෝටි තුනකට ටෙන්ඩර් වෙයි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට අද (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා මහත්මිය පැවැසුවාය. 12 September 2025
හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) සහ අනිද්දා (14) දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ. 12 September 2025
ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ ජනපතිට අයවැය යෝජනා දෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පැවැත්විණි. 12 September 2025
පොලිස් සේවා ගාස්තු වැඩිවෙයි බැංකු ඇතුළු විවිධ මූල්‍ය ආයතන පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇති සයිරන් නළාවක් හෝ නළා පද්ධතියක් සදහා මසකට රුපියල් 10,000 ක ගාස්තුවක් අයකෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 12 September 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026