අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 04 November 2025
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු 4 දෙනාට ඇප ලංකා ධීවර සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක නියමිතය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මාළු වැකුම් කිරීමේ යන්ත්‍රයක් මිලදීගෙන රජයට රුපියල් ලක්ෂ 58 ක පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන් සිව් දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය. 04 November 2025
චරිත රත්වත්තේට ඇප අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළේය. 04 November 2025
ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට රජයට රුපියල් 5,856,116,00 මුදලක් පාඩු කර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 04 November 2025
වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ. 04 November 2025
අල්ලස් ගත් පී.සී අල්ලයි කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කළ පුද්ගලයකු අධිකරණ කටයුතු වලින් තොරව මුදාහැරීමට රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරෙයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 November 2025
ප්‍රජා වෛද්‍ය ලොකු දොස්තරලා 80ක් පිට වැඩට දාලා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 දෙනකුගේ පුරප්පාඩු පැවතියදීත් එම විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් අසූ දෙනකු වෛද්‍ය පරිපාලන තනතුරුවලට හිතුමතේ පත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම නිවේදනයක දැක්වේ. 04 November 2025
සජිත් ඉන්දියාවට කරපු යෝජනාව ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇත 04 November 2025
ප්‍රා.ලේ නැවතුනු ගොඩනැගිලිවල වැඩ අරඹයි දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති වල වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
ලංකා - උස්බෙකිස්තාන් සහයෝගිතා ගිවිසුමක් ශ්‍රී ලංකා - උස්බෙකිස්තාන් ද්වි පාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
අපේ සරසවි විදෙස් සරසවි එක්ක ගිවිසුම් හතරක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
නාවික හමුදාවට ජපානෙන් තෑග්ගක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර් නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
සංචාරක සංවර්ධන වැඩට ආසියා සංවර්ධන බැංකුවෙන් ණය තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
මන්නාරම් දූපතේ අලුතින් සුළං විදුලි ව්‍යාපෘති බෑ ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
පොන්නි සම්බා රටින් ගේන රෙගුලාසිය පාර්ලිමේන්තුවට ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
පිරිමින්ට සීමා වූ දුම්රිය තනතුරු කීපයකට කතුන්ට අවස්ථාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
විශේෂ කාර්ය බලකායට ත්‍රිරෝද රථ පනහක් විශේෂ කාර්ය බලකාය සඳහා යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනයට ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 November 2025
වන අලියාගේ පහරින් තිදරු පියා මරුට පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදී අද ( 4 ) වල් අලියකු පහර දිමෙන් තිදරු පියෙකු මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 04 November 2025
අම්බලන්ගොඩ දී වෙඩි වැඳුණු මාළු ව්‍යාපාරිකයා මරුට අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මාළු ව්‍යාපාරිකයා මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 04 November 2025
සුව නි.ඇමති හදිසියේ ජාතික රෝහලට කොළඹ ජාතික රෝහලේ කටයුතු පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක නිරත විය. 04 November 2025
චරිත රත්වත්තේ අත්අඩංගුවට අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 04 November 2025
නුගේගොඩ රැලියට හිටපු ජනපතිලා පහම නෑ නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ. 04 November 2025
මාළු ව්‍යාපාරිකයාට අම්බලන්ගොඩදී වෙඩි තබයි අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අම්බලන්ගොඩ පොලීසිය කියයි. 04 November 2025
බිත්තියක් කඩා වැටී සෙබළෙකු මිය ගොස් තවත් 3කට තුවාල මුලතිව් මුල්ලියාවේලි 59 වැනි සේනාංක කඳවුරේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩා වැටීමෙන් හමුදා සෙබළකු මිය ගොස් තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මුලතිවි පොලිසිය පවසයි. 04 November 2025
මතට හිත ගිය තවත් 1264ක් පොලිස් දැලට රටම එකට ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 1264ක් ඊයේ (3)දිනය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 04 November 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු කළුතර බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිලදී රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 04 November 2025
ඩෙංගු - චිකුන්ගුන්යා රෝගීන් වැඩි වීමක් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසයි. 04 November 2025
ගුරුකම් කරන්න අන්තර්ජාලයෙන් සල්ලි ගරලා හිමි නමක් මාට්ටු යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයන් රවටා, ආරක්ෂා යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකළ බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. 04 November 2025
පළාත් කීපයකට අදත් වැස්ස සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට අද පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026