(ඩී.ජී.සුගතපාල සහ ජේ.කේ.එල්. චාමින්ද)
අකුණුසැර වැදිමෙන් කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇගලුම් සේවිකාවක මියගොස් තවත් ඇගලුම් සේවිකාවක බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඉමාෂා මධුභාෂිනි හිතවංශ (26) නැමති ඇගලුම් සේවිකාවකි.
අනතුරට පත් ඇගලුම් සේවිකාවන් දෙදෙනා , කොක්වත්ත, හබරාදුව ප්‍රදේශයේ නිවසක නේවාසිකව රැදි සිටියදී අද (03) අලුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් එම නිවසට අකුණු පහරක් වැදි ඇත.
අකුණු සැර වැදී තුවාල ලබා සිටි කතුන් දෙදෙනා 1990 ගිලන් රථයකින් රෝහල්ගත කර ඇති අතර , එක් ඇගලුම් සේවිකාවක රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව...
කණගාටුදායක සිදුවීමක්... ජංගම දුරකථන, වැනි දේවල් අකුණු සැර අවදානම් අවස්ථාවලදී හැකි තරම් ඉවත්ව සිටින්න.
දැරියට නිවන් සුව අත්වේවා... අද කාලයේ ගොඩක් තරුණ, බාල සියලු දෙනා ඇබ්බැහිව සිටින්නේ මේ ජංගම දුරකථනයටයි.
තාක්ෂණය අභිබවා යන්න අපි කාටවත් බැහැ... අවනෙයේ මරණය තමයි
නිවන් සුවයම වේවා... මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා.
දරුණු අකුණු පහරක් තමයි වැදිලා තියෙන්නේ... පින්තූරයෙන් ඒ බව පේනවා.
දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි හෙණ පාත්වෙන්නේ... පුදුම කරුම ලෝකයක්... සොයුරිය ඔබට නිවන් සුවය ලැබේවා.