සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කළේ, බදු ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ඉහළ ආසන්න වශයෙන් මේ ආකාරයෙන් ඉහළ යනු ඇති බවයි. එහ් අනුව  වෙසල් රුපියල් 300,000 කින් පමණ, ටොයොටා රේස් රුපියල් 250,000 කින් පමණ,සුසුකි වැගන් ආර් රුපියල් 150,000 කින් පමණ ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

පවතින ඉහළ ජීවන වියදම හමුවේ මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට අමතර පීඩනයක් වනු ඇති බවත්, එමඟින් වාහන වෙළඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටිය හැකි බවත් ආනයනකරුවෝ අනතුරු අඟවති.

 

චතුරංග ප්‍රදීප්