රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 400 දෙනෙකුගෙන් සමන්විත ‘Public-Impact Champions Network’ (PIC-Net) නමින් විශේෂ බලකායක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත. අමාත්‍යාංශ, රාජ්‍ය ව්‍යවසායයන් සහ පළාත් සභා ඇතුළු රජයේ ආයතන 95ක් ආවරණය වන පරිදි තෝරාගත් නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ‘ඩිජිටල් පරිවර්තන ශූරයන්’ ලෙස බඳවා ගැනීමට නියමිත අතර, එමගින් සමස්ත රාජ්‍ය අංශයේම ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
ජනාධිපති ලේකම් එන්.එස්. කුමනායක මහතා විසින් නිකුත් කරන ලද උපදේශන පත්‍රිකාවකට අනුව, මෙම PIC-Net ජාලය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ‘ඩිජිටල් ආර්ථික මිනුම්දණ්ඩ’ (Digital Economy Blueprint) යටතේ රාජ්‍ය ආයතන තුළ ඩිජිටල්කරණය ක්‍රියාවට නංවන ප්‍රධාන බලකාය ලෙස කටයුතු කරනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ව GovTech Sri Lanka සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ, සහභාගී වන සෑම ආයතනයක්ම සිය සේවක මණ්ඩලයෙන් ‘ඩිජිටල් ශූරයා’, ‘අත්දැකීම් ශූරයා’, ‘ක්‍රියාවලි ශූරයා’ සහ ‘පරිවර්තන ශූරයා’ යන භූමිකාවන් සඳහා සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කළ යුතුය. තාක්ෂණය වැළඳ ගැනීම, සේවා සැපයීමේ අත්දැකීම් ඉහළ නැංවීම, ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් කළමනාකරණය හරහා ඩිජිටල් යුගයට ගැළපෙන විශිෂ්ට රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙම කණ්ඩායමේ සාමූහික වගකීම බව ජනාධිපති ලේකම් කාර්යාලය අවධාරණය කරයි.
මෙම විශේෂිත තේරීම් ක්‍රියාවලිය සඳහා සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුම අපේක්ෂකයින් 16ත් 20ත් අතර සංඛ්‍යාවක් නම් කළ යුතු අතර, තෝරාගනු ලබන නිලධාරීන් සඳහා ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රති-ඉංජිනේරුකරණය සහ වෙනස්කම් කළමනාකරණය වැනි ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් පුහුණු වැඩසටහන් සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
- එස්.රුබතීසන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොයි දේ හරියට කෙරෙන්නත් ඒකට ගැලපෙන දීමනාවක් ගෙවන්න. දාහක් ගැටලු අතරේ පිනට අමතර වැඩ කරන්න කිසිම නිලධාරියෙක් කැමති නෑ!
ආණ්ඩුව ගෙවන පඩියට කෙලිකාරයෝ වැඩ කරයිද?