ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
‘‘මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව තමා සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ . ඒ ගැන සැමියා හරිම කණගාටුවෙන් සිටියේ. නිතරම කල්පනා කළා. සමාජයට මුහුණ දෙන්න බැහැ කියා සැමියා නිතර කිව්වා. මටයි දරුවො දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ. “ යැයි කුලියාපිටිය රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිද පැවසුවාය.
මෙහිදී සාක්ෂි දුනු රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය,
‘‘අප්පච්චි පිහියකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහැව්වා කොහොද යන්නේ කියලා . එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් එළිපෙහෙලි කරන්නයි යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා. ටිකකින් බුලත් කොරටුවේ මාමාලා කිව්වා අප්පච්චි ලේ ගලන තුවාල සහිතව වැටිලා ඉන්නවා කියලා. පස්සේ එයාලා අප්පච්චිව ගෙදරට අරගෙන ආවා. අප්පච්චි මියගොස් ඇති බව දැන ගැනීමට ලැබුණා. අද (01) අපි දළදා මාළිගාව වදින්න යන්න සූදානම් වෙලා හිටියා. අනේ අප්පච්චි අපට කොච්චර ආදරෙයිද. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණුදාත් අප්පච්චි හරි සතුටු වුණා. අප්පච්චිගේ ලෝකේ වෙලා තිබුණේ අක්කයි, මමයි අම්මයි. එහෙම අප්පච්චි කෙනෙක් තමයි අපිට නැති වුණේ...‘‘ යැයි පැවසුවාය.
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් අංශයේ සහකාර අධ්යක්ෂ රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනා එම මරණය සියදිවි නසා ගැනීමක් බවට සඳහන්කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
රංග රාජපක්ෂ මහතා විසින්ම පාද දෙක සහ අතක් පිහියකින් කපා ගෙන ඇති බවත් ඒ නිසා ඇති වූ අධික රුධිර වහනය සහ කම්පනය නිසා මෙම මරණය සිදුවී ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි
ඊයේ (01) දහවල් ආරම්භ කරන ලද මෙම පශ්චාත් මරණ පරීක්ෂණය රාත්‍රී හතට පමණ අවසන් විය.
මෙම පශ්චාත් මරණ පරීඏණය පවත්වනුලැබුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්ඩා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සම්පත් සේනතුංග සහ නිකවැරටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ යූ ඩී ජී දිසානායක යන මහත්වරුන් විසිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ශීල ගුණවර්ධන මහතා විසින් මෙම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම පත් කරතිබිණි
පොලිසිය පවත්වන මෙම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සහ මෙහෙයවීම සඳහා වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාරයාලයට ඊයේ පැමි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd