හොරණ වෙඩි තැබීමකින් දෙදරු පියෙක් මරුට හොරණ මීවනපලාන සිරිල්ටන්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු බෝර දොළහේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය කියයි. 03 November 2025
මාස 10ට වාහන 250000 ගෙන්නලා මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්රතිශතයකි. 02 November 2025
විෂ මත මඩින්න මහ සඟරුවනේ උදව් ඕනෑ අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්රමුඛ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 November 2025
“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින තුනේදී 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2025
සුළං පෙත්තත් සමග ලොරිය පෙරළිලා මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යෑමට ත්‍රිකුණාමල වරායේ සිට ප්‍රවාහනය කළ මීටර 76 ක දිගින් යුත් සුළං පෙත්තක් රැගත් ලොකු ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරළී යාමෙන් වරායේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව වරාය අධිකාරිය කියයි. 02 November 2025
රජරට ආචාර්යවරු රාජකාරියෙන් ඉවත්වෙති රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුතෙන් නාමයෝජනා තුනක් එවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ දැනුම් දිමට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සභාපති නාලක ගීකියනගේ මහතා පවසයි. 02 November 2025
ලොව ලොකුම කෞතුකාගරය ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජිප්තු මහා කෞතුකාගාරය අනිද්දා (04) මහජනතාව සඳහා සම්පූර්ණයෙන් විවෘත වීමට නියමිතය. 02 November 2025
කැලෑ කපනවා නම් 1995 ‘වන සුරැකුම්’ යන නමින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් හෙට ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය. 02 November 2025
ඥානසාර හිමියෝත් ආරක්ෂාව ඉල්ලති සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති. 02 November 2025
අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක? පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 02 November 2025
කෝටි 500ක කුඩු සමග ධීවරයෝ හයක් මාට්ටු නාවික හමුදාවේ දුරදිග මෙහෙයුම් බල ඇණිය ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් සහිත ධීවර යාත්‍රාවක් අද උදෑසන වත්තල දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය. 02 November 2025
මත්ද්‍රව්‍ය සමඟ තරුණ-තරුණියන් 31ක් අත්අඩංගුවට මිරිහාන මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි ’’කමත’’ නැමතිි ස්ථානයේ ඊයේ (01) වන දින රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය පවසයි. 02 November 2025
හොරගස්මුල්ලේ ටයර් වැඩපොළක ගින්නක් දිවුලපිටිය හොරගස්මුල්ලේ ටයර් වෙළෙදසලක අද පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නකින් ටයර් පුරවා තිබූ ගබඩා පරිශ්‍රය හා ලොරි රථයක් ඇතුළු දේපල රැසක් විනාශවී රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවී ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 02 November 2025
ආයුර්වේද වෛද්‍යවරු 303ක් පත් වෙති ආයුර්වේද වෛද්‍යවරු 303 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 02 November 2025
රටම එකට මෙහෙයුමේදී සැකකරුවෝ 1314 ක් පොලිස් දැලට රටම එකට ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් 1314 ක් ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පවසයි. 02 November 2025
වැල්ලේ සාරංගගේ ගෝලයෙක් අල්ලයි මෝදර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට හැඳින්වෙන වැල්ලේ සාරංග කැමැත්තාගේ ඝාතන රැසකට සම්බන්ධ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 02 November 2025
විල්වත්තේ දී දුම්රියක් පීලි පනී කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ විල්වත්ත ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 02 November 2025
පළාත් කීපයකට අද වැසි සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2025
කෝටියක මාළු මා දැලක පැටලේ උඩප්පුවේ මාදැලකට රුපියල් කෝටියකට අධික වෙන්කඩ පරව් මාළු අස්වැන්නක් ලැබුණු බව ධීවරයෝ පවසති. 01 November 2025
පොලිස් රාජකාරියට බාධා කළ දෙමටගොඩ කතක් අල්ලයි රථ වාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැද වූ කාන්තාව ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලායමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි 01 November 2025
පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 01 November 2025
යතුරුපැදි-බස් අනතුරින් සරසවි සිසුවා මරුට මතුගම නෑබඩ පාර හොරණ මාර්ගයේ හිරිකැටිය හංදියේදි අද (1) උදෑසන යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෞද්ගලික බස් රථයක ගැටී බස් රථයට යටවීමෙන් 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 November 2025
කන්දකැටියේ ඉස්කෝලයකට වනඅලි පහරදීමක් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දකැපූඋල්පත ප්‍රාථමික විදුහලට අද (1) කඩා වැදුණු වන අලි රංචුවක් විදුහලේ ප්‍රධාන ගේට්ටුව දැන්විම් පුවරු කොන්ක්‍රීට් කනු වලට පහරදී කඩා බිද අලාභහානි සිදුකර ඇතයි කන්දකැටිය පොලිසිය පවසයි . 01 November 2025
වැලිකන්දේ අපවහන ඇළක කසිප්පු තොගයක් වටලයි ගම්මානයේ කසිප්පු ජාවාරම පිළිබඳ පොලිසිය දැනුවත් කලද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල මොහිදින් ජුම්මා පල්ලියේ සාමාජිකයන් ඇතුළු ගම්වාසීන් පිරිසක් ඒකාබද්ධව අද (1) සවස සිදුකළ මෙහෙයුමකදී ගම්මානයේ අපවාහන ඇලක සඟවා තිබූ කසිප්පු බැරල් තුනක් සිය බාරයට ගැනීමට කටයුතු කර තිබේ. 01 November 2025
පොලිසියේ තෑගි සිහිනය බොද වෙයි මත්ද්‍රව්‍ය සහ ගිනි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින් රුපියල් කෝටි සීයකට වැඩි තෑගි මුදල් පිරිනැමීම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් මඟ නතරවී ඇතැයි වාර්තාවේ. 01 November 2025
රට රස්සා දෙනවා කියා කෝටි 74 කට පොලු රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි 74 කට අධික මුදලක් වංචාකළ මහරගම පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකුට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 November 2025
ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 01 November 2025
උසස් පෙළ පන්ති සම්මන්ත්රණ 4 වැනිදායින් පසු තහනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2025
උඩුගම ඉඩමකින් උණ්ඩ මතුවෙයි උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබු ටී56 ජීව උණ්ඩ 45ක් අද දහවල් සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 01 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026