
(තිලකරත්න දිසානායක)
සාම පාද යාත්‍රාවේ හයවන දිනය ආරම්භ කරමින් , වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලා අද (27) උදෑසන 6.45 ට පමණ යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජ මහා විහාරස්ථානයට වැඩමවීම ආරම්භ කළහ.
පඤ්ඤාකර හිමියන් එම විහාරස්ථානයේ ගසක් යට රාත්‍රිය ගතකළ තාවකාලික කුටිය අසල සිට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඇතුලු විදේශ භික්ෂූන් වහන්සේලා බුදු මැදුරට ගොස් මල් පහන් පූජා කිරීම සිදු කොට "ආලෝකා" සාම දූතයාද කැටුව කැලණිය රජ මහා විහාරය කරා වැඩම කෙරිණි.
සාම පා ගමන දැක බලා ගැනීමට විශාල පිරිසක් මග දෙපස රැදී සිටිමින් සාධුකාර පැවැත්වූ ආකාරයක් දක්නට ලැබිණි.
හයවන දිනට පාද යාත්‍රාව ආරම්භ කිරීමේ අවස්ථාවට අබේසේකරාරාමාධිපති මීගොල්ලේ ධමමජෝති , අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ගෝතම බෞද්ධ විහාරයේ විහාරාධිපති මේල්පිටියේ විමලකිත්ති යන නාහිමිවරුන් ඇතුලු මහා සංඝරත්නය , නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ , ගම්පහ පුරපති එරික් එදිරිවික්රම , බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න , ගම්පහ දිසාපති ලලින්ද ගමගේ , ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ , දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් දෑල බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd