බැකෝ සමන්ගේ බිරිඳට ඇප විෂ මත්ද්‍රව්‍ය පනත සහ සිය පවුලේ ඥාතීන් සමඟ රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (31)නියෝග කළේය . 31 October 2025
දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට කථානායක සහතිකය පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහතිකය සටහන් කළේය. 31 October 2025
උතුරේ නිලධරයන්ටත් AI උගන්වයි රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති “AI for Transforming Public Service” පුහුණු වැඩමුළුව උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 31 October 2025
රේගුව බදු කඩයිම පන්නයි: ට්‍රිලියන දෙකක ආදායමක් ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 කඩයිම ඊයේ (30) ඉක්මවූ බවත් මෙම වසර සඳහා ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ඉලක්කය සාර්ථකව පසුකරමින් මෙම වසර අවසාන වනවිට තවත් රුපියල් බිලියන 300 ක පමණ ආදායමක් රජයට එකතු කරදීමට රේගුවට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය. 31 October 2025
හෙට ඉඳන් පොලිතින් බෑග් නොමිලේ නෑ පොලිතින් බෑග් සදහා ක්‍රියාත්මක වන නව නියමය අනූව හෙට (1) සිට සිලි සිලි බෑග් (LDPE & LLDPE) ප්ලාස්ටික් බහාලුම් මලු තවදුරටත් ව්‍යාපාරික ස්ථානවලින් නොමිලේ ලබා නොදෙන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි. 31 October 2025
කුච්චවෙිලි ප්‍රා.සභාපති අල්ලස් දැලේ ඉඩමකට බලපත්‍රයක් සාදාදීමට අල්ලස් මුදලක් ලබා ගනිද්දී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුච්චවේලි ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 October 2025
මතට එරෙහි වෙන්න කොරියාවෙනුත් උදව්වක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය විශ්ලේෂක හැකියාව ශක්තිමත් කිරීම සඳහා දකුණු කොරියා රජය ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සාර්ථකව නිමකර තිබේ. 31 October 2025
විදෙස් රැකියා පෙන්වා සල්ලි ගරන කල්ලි වලට වැඩ වරදී සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව කියා කරන වංචා ගැන ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 31 October 2025
ශිත සෘතුවෙන් බේරෙන්න පෝලන්තයෙන් ලංකාවට ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමඟම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් , ප්‍රථම මංගල ගුවන් ගමනෙහි නිරත වෙමින්, අද (31) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 31 October 2025
’නව නිපැයුම් ප්‍රවර්ධනය කරනවා’ කිසිදු නව නිපැයුමක් අත් නොහැරිය යුතු අතර ඒවා ප්‍රවර්ධනය සඳහා වඩා සංවිධිත ජාලයක් ගොඩනගන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. 31 October 2025
කලවානේ වෙඩි තැබීමකින් දෙකකට තුවාල කලවාන ගොනගලකන්ද ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 31 October 2025
වෙළෙඳ ඇමති ත්‍රිපෝෂ සමාගමට වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 31 October 2025
වරෙන්තුවට ඇල්ලුවැයි පවුලේ අය පොලිසියේ යකා නටලා අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ලබා සිටි වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගත්තැයි ඇල්ල පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිසියට අඩත්තේට්ටම් කළැයි කියන මවක, පුතකු සහ දියණියක අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 31 October 2025
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු ඊයේ (30) වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි. 31 October 2025
වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට 2015 වසරේදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවට තාවකාලික ගබඩා 50 ආනයනය කර රජයට රුපියල් නව කෝටි අනූ හය ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය අනූ නවයක මුදලක් පාඩු කළ බව කියන එම සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 31 October 2025
මන්ත්‍රීලාගේ ආරක්ෂාව කතා කරන්න පොලිස්පති පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වේ. 31 October 2025
නෙවිල් වන්නිආරච්චිට ඇප උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක,ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරු ඇප මත මුදාහැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 31 October 2025
රනින් දිනූ මෙත්මිට අම්පාරෙන් හරසර මෙවර ආසියානු යොවුන් ක්‍රිඩා උළෙලට සහාභාගි වු මිටර් 10000 ඉසව්වවේන් රන් පදක්කම දිනාගත් මෙත්මි රසාරා ක්‍රීඩිකාව පිලිගැනීමේ උත්සවයක් ඇය මුලික අධ්‍යාපනය ලැබු අම්පාර සද්ධාතිස්ස මහා විදුහලේ දි ඉකුත් දා පැවැත්විණි. 31 October 2025
තක්ෂි නේපාලයට ගෙන්වා ගත්තේ සෙව්වන්දිට පාස්පෝට් හදන්න සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී සාදා ගත් ව්‍යාජ තුර් කි ගුවන් ගමන් බලපත්‍රයේ තිබූ මුද්‍රා දෝෂයක් හේතුවෙන් නේපාල ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත්‍රය සිය භාරයට ගෙන තිබූ බවත් අනතුරුව ජේ.කේ. බායි නැමැත්තා වෙනත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගැනීම සදහා සෙව්වන්දිගේ රුවට සමාන තක්ෂි නැමැති කාන්තාව ඉන්දියාවේ සිට නේපාලයට ගෙන්වාගෙන තිබූ බවත් පොලිස් විමර්ශ 31 October 2025
පොලොව බිඳින ස්කෑනරයක් සමග දෙකක් මාට්ටු කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් භූගත වස්තූන් සොයන ස්කැනර් (scanner) යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන නිවසක රැඳී සිටී දෙදෙනකු ස්කැනර් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගැනීමට වාන් ඇල පොලිසිය සමත් වූහ. 31 October 2025
සයිබර් සම්මුතියට ශ්‍රී ලංකාවත් අත්සන් තබයි සයිබර් ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව වියට්නාමයේ හැනෝයි නගරයේදී අත්සන් තැබීය. 31 October 2025
විපක්ෂ මන්ත්‍රී ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කිව යුතුයි විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්- සභාපතිවරුන්- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත වල වගකීම රජය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 October 2025
හෙද උපාධිධාරීහු 700ක් පත්වීම් ලබති හෙද උපාධිධාරීන් හත්සීයක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 31 October 2025
යාපනේ සරසවි පුස්තකාලයේ සිවිලිමේ T56 මැගසින් දෙකක් යාපනයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබූ ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවූ බව කෝපායි පොලිසිය පවසයි. 31 October 2025
මියගිය කකුළුවන් ත්‍රි‘මලේ වරායේ අයහපත් කාලගුණයත් සමඟ සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු ත්‍රිකුණාමල ඇතුළු වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් මේ දිනවල ගොඩ ගසා තිබේ . 31 October 2025
අද වැස්ස නෑ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 October 2025
සුරාබදු පස් දෙනා හත දක්වා රිමාන්ඩ් කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළේය. 30 October 2025
නීතිඥවරිය ගැන තොරතුරු තවත් එළියට ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 30 October 2025
චීන ආයෝජකයෝ පිරිසක් මෙරටට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයෝ දස දෙනෙක් අද මෙරටට පැමිණියහ. 30 October 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026