
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ප්රතිවහ්යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මස හෙළිකරගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පැවසීය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශයේ දී අද (23) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම තොරතුරු හෙළිකළේය.
අදාළ හැකර්වරුන් රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලයේ ඊමේල් පද්ධතියට රිංගා ඒ හරහා මෙම වංචාව කර ඇති අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයක දී පසුගිය ජනවාරි මාසයේ දී හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව අනාවරණය වූ බවත් ඒ අනුව ඊට පෙර කළ ගණුදෙනු පිළිබඳව කළ විමර්ශනයේ දී හැකරුවරුන් මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල පසුගිය වසර අගදී වංචනිකව ලබාගෙන ඇතැයි අනාවරණය වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු නම් ඔය බොරුවලට රැවටෙවී. මොන යකාද ඊමේල් එකකින් දැනුම් දුන්න කියන අකවුන්ට් එකකට රුපියල් කෝටි 80ක මුදලක් තැන්පත් කරන්නේ? ඔය සාමාන්‍ය දැනීමක් නැති අහිංසකයෙක් ඇති වෙන්න පුළුවන් වැරදීමක් මූල්‍ය ක්ෂේත්රයේ රටේ ඉහළම විශාරද දැනීමක් තියෙන අය අතින් වෙන්න පුලුවන්ද?
නොමිලේ වීසා දීලා, චීන, වියට්නාම්, මැලේසියානු, සයිබර් අපරාධකරුවන්ට තව තවත් රෙඩ් කාපට් එලා ලංකාවට ගෙන්නාගන්න…!
ඕක හැකර්ලගේ පිට පටවල නිදහස් වෙන්න බලධාරීන්ට බැහැ , මේවා භාරව කටයුතු කරන රජයෙන් වැටුප් , දීමනා ලබන දැනුම පලපුරුද්ධ තිබෙන නිලධාරියෝ සිටිනවා , මේවා සොයාබලන එක ඔවුන්ගේ වගකීමක් , අනෙක් කරණය මේවට සමහරවිට ඇතුලෙන් උදවු උපකාර ලැබුනද කියලත් සොයල බලන්න ඕනේ
මහබැංකුව ටීවී ඇඩ් එහෙම දාල සයිබර් ස්කෑම් ගැන රට දැනුවත් කරනවා. ඉතින් සාමාන්‍ය දැනීම තියෙන්න ඕන. එතකොට ඊ මේල් එකක් ආව කියල නිකම් සල්ලි ගෙවන්නේ නෑ නේ? එහෙම සල්ලි ගෙවනවා නම් ඕනෑම එකෙක්ට ඔෆීෂියල් වගේ පෙනෙන ලියුමක් මහබැංකුවට යවල සල්ලි ඉල්ලගන්න පුළුවන් වෙන්න ඕන.
ලංකාවේ ඉන්නේ බූරුවෝ. ඩිජිටල් ආරක්ෂාව ගැන එහෙම ලොකු දැනුමක් නැහැ. නිකන්ම රැවටෙනවා.