(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් මැයි පළවෙනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.

මෙවර ජාතික ජන බලවේගය මැයි දින රැලි පවත්වන්නේ " ජන රජයට ජන බලයක්" යන තේමාවෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැලිය මහරගම දී පැවැත්වේ. මහරගම මැයි රැලියට අමතරව ජනාධිපතිවරයා නුවරඑළියේ මැයි රැලියටද සහභාගී වීමට නියමිතය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලි දෙකක්ද සෙසු මැයි රැලි ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන  නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වීමට තීරණය වී තිබේ.

ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර,යාපනය ,මඩකලපුව,කඩවත මාතර ,මහනුවර,හලාවත, අනුරාධපුර වවුනියා,අම්පාර, කළුතර, තංගල්ල,කෑගල්ල, කදුරුවෙල, ත්‍රිකුණාමලය සහ වැල්ලවායේදී මෙම මැයි රැළි පැවැත්වේ.