
(රෝෂන් තුෂාර)
සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත කර සිටි සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරු ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය (24)නියෝග කළාය.
සැකකරුට රුපියල් 25000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
හිටපු අමාත්‍යය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් වන ජොහාන් ප්‍රනාන්දු, හා ජෙරම් කෙනත් ප්‍රනාන්දු සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් ,සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල යන සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප නියම කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොදු දේපළ පනත යටතේ ගොනු කළ පැමිණිල්ලක් ප්‍රකාරව බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යවරයා හැර සෙසු සැකකරුවන් වෙනුවෙන් මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ප්‍රකාරව එම සැකකරුවන් මීට පෙර ඇප මත මුදා හැර තිබිණි.
සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු ජෝන්ස්ටන් සැකකරුගේ පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූරය හෙබවූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබාදී රියදුරට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් ලක්ෂ දෙකකට අධික මුදලක් අවභාවිතා කිරීම,රජයේ දේපළ සපරාදී සාවද්‍ය පරිහරණය , කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශනය සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd