ලංකාවට මත්කුඩු ගේන කෙරුමෝ විසිපහක් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය 01 November 2025
උසස් පෙළ පන්ති සම්මන්ත්රණ 4 වැනිදායින් පසු තහනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2025
උඩුගම ඉඩමකින් උණ්ඩ මතුවෙයි උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබු ටී56 ජීව උණ්ඩ 45ක් අද දහවල් සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 01 November 2025
ලොකුම ඡායාරූපකරණ ප්‍රදර්ශනයට මාධ්‍ය ඇමැති යයි මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළෙඳ ප්‍රදර්ශනය වන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. 01 November 2025
අලුත් ලංකාව නිර්මාණය වුණාද? අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 01 November 2025
ධීවරයන්ට සුභ ආරංචියක් ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නොවැම්බර් මාසයේදී හදුන්වා දෙන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය 01 November 2025
’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’ තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි. 01 November 2025
හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නෑ හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 01 November 2025
චන්ද්‍රිකා නිල නිවසින් යන්න බඩු අස් කරයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින්නීය. 01 November 2025
අලුත් නි. ඇමතිලා හය දෙනාත් මැතිසබේ තෙල් එපා කියති මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත. 01 November 2025
විපක්ෂයේ මන්ත්‍රීලා විස්සක් පිස්තෝල ඉල්ලති පාතාල ක්‍රියාකාරකම් සහ රටේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වහාම නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 01 November 2025
අම්බලුවාවේ කෝටි 18ක දූෂණ එළියට: කෝටියක කළුගල් බිමට පෙරලලා ඓතිහාසික ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව ගම්මානයේ පසුගිය කාලය පුරා රුපියල් කෝටි 18 කට ආසන්න බරපතළ ආකාරයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන වාර්තාවක සඳහන්වේ. 01 November 2025
වැලිගම ඝාතකයන් ආ යතුරු පැදිය හමුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත කුලසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරු පැදිය කතරගම බුත්තල පාරේ 16 කණුව අසල කැලයේ දමා ගොස් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සොයාගනු ලැබීය . 01 November 2025
කැසට් යන්ත්‍රය ශබ්දයෙන් දැම්මැයි පිහියෙන් ඇණ මරලා කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බුලත්කොහු පිටිය පොලිසියය පවසයි. 01 November 2025
අදත් පායන දවසක් සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 November 2025
රට ගිය දොස්තරලා ආවොත් හිටපු ශ්‍රේණියම දෙයි විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 31 October 2025
පෙට්‍රල් රුපියල් 5කින් පහළට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. 31 October 2025
ලලිත් පතිනායක පරිපාලන තනතුරින් ඉවතට? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 October 2025
වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රුපියල් කෝටි 9 කට අධික වටිනාකමින් යුත් තාවකාලික ගබඩා 50 ක් සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙනුවෙන් ආනයනය කර රජයට පාඩු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය . 31 October 2025
නියෝජ්‍ය කතානායකත් මැතිසබේ තෙල් එපා කියයි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව එහි මූල්‍ය අංශයට ලිඛිතව දැනුම්දී ඇත. 31 October 2025
සල්ලි අරන් වගා නොකරන ගොවීන්ගේ සහනාධාර කපයි පොහොර සහනාධාර මුදල් ලබාගෙන ගොවිතැන් නොකරන ගොවීන්ගේ එම මුදල කපා හැරීමට රජය තීරණය කර අැත 31 October 2025
යාපන පුස්තකාල වහලයෙන් තවත් අවි ආයුධ යාපනය විශ්ව විද්‍යාලය පුස්තකාල පරිශ්‍රයේ පිළිසකර කිරීමක් අතරතුරදී එහි වහලයේ සිවිලිමක් මත තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් , ජීව පතොරම් සහිත මැගසින් හතරක් සහ තුවාලවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් සොයාගත් බව කෝපායි පොලිසිය කියයි. 31 October 2025
මන්ත්‍රී අර්චුනාගේ සූම් කතාවට සභාවේ සිනා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමට මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ජිනීවා නුවර සිට සහභාගි වූයේ සූම් තාක්ෂණය ඔස්සේය. 31 October 2025
හෙද පුරප්පාඩු ඉක්මනින් පුරවනවා හෙද සේවාවේ සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර බඳවා ගැනීම් තවත් කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 31 October 2025
විදෙස් ආයෝජනවලට ජනපති විශේෂ නියෝජිතයෙක් පත් වෙයි විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. 31 October 2025
තායිලන්ත රැජනගේ අභාවයට සොව පළ කරන්න රනිල් යයි තායිලන්තයේ (Sirikit) සිරිකිත් රැජනියගේ අභාවය වෙනුවෙන් සොව පළ කරන්නට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී අද (31)අවසන් ගෞරව දැක්වීය. 31 October 2025
එස්.එස්.පීලා පහකට ඩී.අයි.ජී පුටු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇත. 31 October 2025
මන්ත්‍රීලා 56ක් ජනපති අරමුදලෙනුත් කෝටි 13ක් ඇඳලා පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට කෝටි 13 කට වැඩි මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 31 October 2025
සීතාවක ආනමඩුව පුංචි සභා අවුල ලිහීම නීතිපතිට සීතාවක සහ ආනමඩුව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය. 31 October 2025
බැකෝ සමන්ගේ බිරිඳට ඇප විෂ මත්ද්‍රව්‍ය පනත සහ සිය පවුලේ ඥාතීන් සමඟ රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (31)නියෝග කළේය . 31 October 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026