
(සුජිත් හේවාජුලිගේ)
වාහනයේ අංක තහඩුවේ ඉංග්‍රීසි අකුරු වෙනුවට තමන්ගේ නම සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.
එම වැඩපිළිවෙල සකස් කරගෙන යන බව දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නාය.
ලෝකයේ බොහෝ රටවල එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බව මුදල් කමිටුවේදී ප්‍රකාශ විය.
මේ අතර අංක ලක්ෂයක් ඉදිරියෙන් වූ අංක ලබාදීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 118ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරීහු මුදල් කාරක සභාවට දැනුම් දුන්හ.
එලෙස අංකයක් ලබාදීමට රුපියල් ලක්ෂ දහයක මුදලක් අය කරන බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
කෙසේ වෙතත් වසර තුනක පමණ කාලයක් එම මුදල අයකර ඇත්තේ ගැසට් නිවේදනයකින් තොරව බව වාර්තාවේ. එසේ හෙයින් විශේෂිත අංක ලබාදීම සඳහා මුදල් අය කිරීමේ වැඩපිළිවෙළට මුදල් කාරක සභාව අනුමැතිය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරයි අඩු... අවුරුදු ක්‍රීඩා දැක්කානේ...
මගේ නම තිබෙන අංක තහඩුවක් සවිකරන්න නම්, වාහනයේ buffer දෙකම අවශ්‍ය වේවි, දෙපැත්තෙන්ම!!!
ඒක නම් මෝඩ තීරණයක්. එකම නම තියන අය බොහෝ සිටීම නිසා කොහොමද වෙනස් වෙන්නේ...? මේ උදාහරණයේම තියන විදියට WP සචිනි ලා කොපමණ නම් ඉදීවිද? සහ ලියාපදිංචි අයිතිකරුගෙන් වෙනත් කෙනෙක් මිළදී ගන්නා අවස්ථාවේ මොකද වෙන්නේ? අයිතිකරු වෙනස් වන වාරයක් ගානේ අංක තහඩුව මාරු කිරීමට යාමෙන් සිදුවන පාඩුව...
රට බංකොලොත් වෙලා ලෝකෙන් හිඟා කෑවත් පොෂ් කියලා පෙන්වන්න ඕනේ සෙට් එකක් ඉන්නවා. අඩුම ගානේ මිලියන 10 ක් වත් ගන්න ඕනේ. නැතිනම් ලීස් එකක් දලාහරි ඕක ගනී.
මේක නම් භයානක වැඩක්... මෙයින් බරපතල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් හොරුන්ට, මාරයින්ට පාතාලයේ අයට ඉලක්ක පුද්ගලයන් පහසුවෙන් හදුනාගන්න පුළුවන් වෙන වැඩක්...
රජයට බදු ලෙස මිලියන 20ක් ලබාදී අංක තහඩු සහ ලියාපදිංචි කිරීම සඳහා තවත් සිය දහස් ගණනක් වියදම් කරත් මට මෙන්ම තව දහස් ගණනක් ලැබිය යුතු අංක තහඩු ලබා දීමට නොහැකි වීම ලජ්ජා සහගත විශ්වාසය කඩකිරීමකි.