(රංජිත් රාජපක්ෂ)               

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලිමෙන් ඒම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකුරුවන් ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඒම තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා ඒම තුවාලකරුවන් දෙදෙනා නුවරඒලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයෙ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විමෙන් ඇති වූ කාර්මික දෝශයක් නිසා ලොරි රථටය රියදුරගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය

.