(අංජුල මහික වීරරත්න)
අසනීප වූ මොහොතේ සොයා බැලූ සියලු දෙනාට හද පිරි කෘතඥතාවය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවිඩ සංඛ්‍යාව අපමණය.
නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක් වෙයි.
ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.
මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CID එකත් හොඳ වැඩ ගැන හොයලා බැලුවා රටම දැක්කා. ඒකට විශේෂ ස්තූතියක් දිය යුතුයි...
මොකක්ද මේකෙ තියෙන විශේෂ නිවේදනය? සාමාන්‍ය මිනිහෙක්ගේ සාමාන්‍ය දෙයක් නේ...
අත්අඩංගුවට ගන්න එකෙන් බේරෙන්න බොරු ලෙඩක් ගත්තා.
අවුරුදු 2ට රට සවාරි 23ක් ගියපු තමුන්ට ස්වය පතන්නේ නීතිමය කටයුතු අනුව හිරේ යනවා බලන්න මිසක් වෙන දේකට නෙවෙයි.
නිදුක් නිරෝගි සුවපත් වේවා...
ඉස්සරහට රට පාලනය කරන්නත් එන්න...
ඔබතුමා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න.. දේශපාලනයට එන්න එපා...
දැන් ආණ්ඩු කරන්න හැකියාවක් තියෙන තරුණ අයව ගෙන්නන්න.
විශේෂ ප්‍රකාශ නිකුත් කරන්න කවුද මෙයා දැන්,