
(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු කල්තියා තොරතුරු දැන සිට ඇතත් ඔවුන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමෙන් වැළකී සිට අැතැයි වාර්තාවේ.
එම සිවු දෙනා අතර ආර්ථිකය සම්බන්ධයෙන් නිතර කතා කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකුද වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ කිසියම් පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනාට මේ පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය කර ඇතත් කුමන හෝ හේතුවක් මත ඔවුන් සිද්ධිය හෙළිදරව් කර නොමැති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සිද්ධිය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු දැන සිටි අැතැයි තමාටද තොරතුරු වාර්තා වූ බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කණ්ඩායම සිද්ධිය ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම්දී ඇත.
එම සංවිධානය සිද්ධිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පැමිණිලි කර අැත්තේ ඒ අනුවය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ මේ ණය වාරික මුදල ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd