( සුමිත් පොතුපිටිය  සහ බිමල් ශ්‍යාමන්)

මොරටුව එගොඩ ගාලුපාරේ ක්‍රිකට් පිති නිෂ්පාදනය  කරන වෙළද සැලක් සහ නිවසක් අද දහවල් ඇතිවූ ගින්නකින් මුළුමනින්ම  අළුවි ඇති බව එගොඩ උයන පොලිසිය සදහන් කරයි.

ගින්න හටගෙන ඇති අවස්ථාවේ වෙළදසැල් හිමිකරු, බිරිද සහ දියණියන් දෙදෙනා නිවසේ සිට ඇතත් ඔවුන් ඉවතට පැන දිවිගලවාගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් 10 දෙනෙක් පමණ ජල බවුසර 3 ක් යොදාගෙන ගින්න පාලනය කලද ඒ වනවිට නිවස සහ වෙළදසැල මුළුමනින්ම අළුවී තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බව ගිනි නිවන ඒකකය සදහන් කරයි .