(ටී.කේ.ජී.කපිල)

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් ,අනීතික ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතු වල නිරත වී සිටියදී , මෙරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි , චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

මෙම චීන ජාතිකයන් අතර කාන්තාවන් හය දෙනකු ද  වන බව වාර්තා වේ.

ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීහු 11 දෙනෙක්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .