ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ. 08 November 2025
කොටහේනේදී වෙඩි කැ පුද්ගලයා මරුට කොටහේන 16 වන පටුමගේ දි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පුද්ගලයා මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 November 2025
දරුවා ලොරියට බිලි දේවස්ථානයට ගොස් නිවසට යමින් සිටී 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 08 November 2025
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 November 2025
කොටහේනේ වෙඩි තැබීමක් කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 07 November 2025
අඳුරු වළාවකින් පසු හිරු පායනවාමයි අඳුරු වළාකුළු වලින් ඔබ්බට හිරු බබලන බවත් අන්ධකාරය මැද දීප්තිමත් රිදී රේඛාවන් නිශ්චිතවම පායන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද පැවසීය. 07 November 2025
කෝටි 10ක් සොරාගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ් නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. 07 November 2025
එක්දින - විස්සයි20 සංචිත නම් කරයි පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ. 07 November 2025
නිලංග දෑල නව දියවඩන නිලමේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය. 07 November 2025
වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත. 07 November 2025
නිපොන් පදනමේ සභාපති අගමැතිනිය හමුවෙයි ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 07 November 2025
මැතිසබේ වෙනසට ලොක්කෝ හතරක් විරෝධයේ: මහලේකම්ට ලිපියක් පාර්ලිමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණ කමිටු යෝජනාවට එහි ප්‍රධානීන් සිවු දෙනකුද සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 07 November 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි: ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 07 November 2025
කුඩු සිද්ධියට ගෑවුණු විදුහල්පතිගේ වැඩ තහනම් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. 07 November 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි 2026 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 07 November 2025
වැඩබලන අගවිනිසුරු තුරෙයිරාජා දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 07 November 2025
රේගුව දිනක වැඩිම ආදායම ලබයි ශ්‍රී ලංකා රේගුව ඊයේ (6) දිනයේ රුපියල් බිලියන 27.7 ක් හෙවත් රුපියල් කෝටි 2770 ක ආදායමක් ලැබූ බවත් එය රේගු ඉතිහාසයේ දිනක දී ලැබූ ඉහලතම ආදායම බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. 07 November 2025
පාර්ලිමේන්තු සබා ගැබත් දැඩි සෝදිසියට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනාව අද ඉදිරිපත් කෙරෙන හෙයින් පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන දැඩි කර ඇත. 07 November 2025
පාසල් වල කුඩු අල්ලන මෙහෙයුම් වලට පොලිස් නිල සුනඛයන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 07 November 2025
ටිල්වින්-ස්විස්ටර්ලන්ත තානාපතිනී හමු වෙයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපතිනී සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 07 November 2025
දකුණින් උතුරටත් තරුණ හුවමාරු වැඩසටහනක් ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. 07 November 2025
පළාත් කීපයකට අද තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 07 November 2025
ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ’’හඬ පට’’ රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය. 07 November 2025
පාසල් කාලය පස්වරු 2 දක්වාම තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැ 06 November 2025
බසයක් මතට ගසක් කඩාවැටී අයෙක් මරුට:දහයක් රෝහලට මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මතට අද සවස 4.40ට පමණ හාල්වත්ත ප්‍රදේශයේදී ෆයිනස් ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් එක් මගියකු මියගොස් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 06 November 2025
අයවැයෙන් පොඩි මිනිහාට සහන පැකේජයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 06 November 2025
මැතිසබයේ ලොකු සෝදිසියක් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හෙට (7) පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ක්රියාත්මකවේ. 06 November 2025
දරුවන්ට කුඩු බෙදුවේ මාලිමා විදුහල්පතිලා මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. 06 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026