(එම්.සුසිල් පියන්ත)

පිටිගල හොරන්ගල්ල  දෙපිරිසක් අතර අද(7)ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත්වී දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ පිටිගල හොරන්ගල්ල තල්ගස්වල පදිංචි අස්සමුල්ල කංකානම්ගේ සැමි නමැති හැටඑක් හැවිරිදි අවිවාහක පුද්ගලයකි.

මේ ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනාම පිටිගල හොරන්ගල්ල තල්ගස්වල පදිංචි අයවලුන් බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් තිස් හැවිරිදි අයෙක් බවත් අනෙක් තැනැත්තා හැට හැවිරිදි අයෙක් බවත් පොලීසිය කියයි.ඔවුන් දෙදෙනාම මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි.‍