(යොහාන් භාසුර)

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයෙ(6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 545 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,245ක් බවට පත්විය.

ඒ අනුව මෙම වසරේ ගත වූ මාස පහ තුළ ලාස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1995 කින් ඉහළ ගොස් තිබේ.

ලාෆ් ගෑස්  කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල ද රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,500ක් දක්වා ඉහළ ගියේය.