(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පිළිගැනීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර සහ ඇඳුම් අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තු පරිශ්‍රය අද දිනයේදී දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පිළිගැනීමේ උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අද(7) සහ හෙට (8) ක්‍රියාත්මක කෙරෙන බවත් මහජන ගැලරිය හෙට ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරෙන බවත් වික්‍රමරත්න මහතා කීවේය