
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දශක ගණනාවක් රට පාලනය කර අමාත්‍යාංශ විනාශ කරපු රටක් අප බාරගත්තේ.දැන් ඔවුන් අපට එල් බෝඩ් ගැන කියනවා.ඔවුන්ගේ දේශපාලන පක්ෂත් දැන් විනාශ වෙලා නන්නත්තාර වෙලා යන එන මං නැති වී තිබෙනවා.අප රට බාරගෙන එක වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 109 ක් ආසන්නයට වැඩි වුණා.
ඒ වගේම ඉතිහාසයේ පළමුවරට අප රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙනවා.ඔයගොල්ලෝ වසර ගානක් තිස්සේ විනාශ කළ ආණ්ඩුව එල් එල්බෝඩ් ආණ්ඩුව විසින් යහපත් ලෙස ස්ථාවර කර මේ වසර එකහමාර ඇතුළත හොඳ ස්ථාවර ආර්ථිකයක් හදා තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ ප්‍රථම වතාවට 4000 පැන්න දැනට ටික කාලෙකට කලින්. 6000 පනිනවා අනාගතයෙ දවසක. මාරයි!
ඒ වුණාට මහජනතාව හිඟමනේ යන ගානයි. ඒ මොකද?
ඕක ඇස්තමේන්තු ගණනක් නේද ?
වසන්ත සමරසිංහ ගේ වෙන්න ඇති. ඇවිල්ල බලපල්ලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායම
ඔය කියන විදියට රටේ හැම පුද්ගලයෙකුටම ඩොලර් 5000 ක ආදායමක් තිබිය යුතුයි. ආදායම් බෙදී යාමේ වැඩි විෂමතාවක් ඇති ලංකාව වැනි රටක "ඒක පුද්ගල ආදායම" ගැන කතා කිරීමේ එතරම් අර්ථයක් නැහැ..