තලාව අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී අද (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 10 November 2025
දික්වැල්ල මුහුදේ ගිලී විදේශීය සංචාරකයෙක් මරුට දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු අද (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය 10 November 2025
බෙන්තොට සමූපකාරය ජාජබ දිනා ගනී බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. 10 November 2025
’මත්රකුසා රටම වෙලාගෙන’ ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (10) පැවසුවාය. 10 November 2025
පියා නිවෙසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් වින කරලා අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියක පදිංචි නිවසට ඇගේ පියා ගිනි තැඹිම නිසා ඇගේ පොත් පත් සහ ඇඳුම් පැළඳුම් විනාශවී ඇතැයි පොලිසිය කියයි. 10 November 2025
මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 14ක් මාට්ටු යාපනය, අනලතිව් දූපත ආසන්න මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 14 දෙනකු ඊයේ (9) භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 10 November 2025
දෙදෙනකු මැරුවාට හය දෙනකුට මරණ දඬුවම් පුද්ගලයක් දෙදෙනකුට පහරදී ලොරි රථයකට යට කර මරා දැමි යැයි කියන චෝදනාවට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට අම්පාර මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රීනිත් මෙන්ඩිස් විජේසිකර මහතා අද මරණ දඬුවම නියම කළේය. 10 November 2025
මහවැලි අධිකාරයේ හිටපුු අධ්යක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුගේ විමර්ශනයන්ට අදාළව තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා විසින් අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට (10)ඉදිරිපත් කළේය. 10 November 2025
‘බැඳුම්කරේ සුද්ද කර පොත් ලිව්වා’ බැඳුම්කර වංචාව සුද්ද කර පොතක් ලිව්වැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ චෝදනාවක් හේතුවෙන් සමරසිංහ මහතා සහ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (10) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 10 November 2025
ගිය වසරේ විගණන වාර්තාව කතානායකට බාරදෙයි 2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරදෙනු ලැබීය 10 November 2025
විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය. 10 November 2025
සිවිල් ආරක්ෂක භටයෝ 10000 ක් පොලිසියට වනජීවීයටත් 5000ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා ඉදිරියේදී අනුයුක්ත කර විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 10 November 2025
දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාවල 10000ක් ස්ථිර සේවයට දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 November 2025
අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 10 November 2025
නිවසක් පිටුපස වගා බිමක බෝම්බයක් පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 10 November 2025
තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලබා ඇති බව තලාව පවසයි. 10 November 2025
උඩ පන්දුව මරණයකින් කෙළවර වෙයි මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 10 November 2025
ඖෂධ පෙති - අලේපන තොගයක් කල්පිටියේ කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති, දියර සහ ආලේපන විශාල තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් සිව් දෙනෙක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 10 November 2025
වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බීලා වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය පානය කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60 කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරා ගැනීමට අදාලව සීසී ටීවී දර්ශන 70 කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 10 November 2025
උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින් අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක අභිරහස්ලෙස නිදි යහනේදීම මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 10 November 2025
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා විරෝධයක දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද (10 කටයුතු කර තිබේ. 10 November 2025
බෙරලපනාතර සමූප බලයත් පොදු විපක්ෂයට සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය. 10 November 2025
සවස් කාලයේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 10 November 2025
කෝටි 10ක කුඩු සමග කතක් මාට්ටු සීනිගම ප්‍රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාවෙ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. 09 November 2025
ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය. 09 November 2025
නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 09 November 2025
තාරුණ්‍ය ගොඩ ගන්න හැම කැප කිරීමක්ම කරනවා ශ්‍රී ලාංකේය තරුණයා ගොඩනැගීම වෙනුවෙන් සියලු කැපවීම් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. 09 November 2025
‘‘ජනපති බොරු මල්ලක් ඉදිරිපත් කළා‘‘ ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 November 2025
මැද පෙරදිග සැඟව සිටින මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහතා පැවසීය. 09 November 2025
රත්තොට අලි සිරුරක් රත්තොට වෙිරගම ඉකිරියගොල්ල විහාර මාවත වතුයායේ දි මිය යන්නට ඇතැයි සැලකෙන වන අලියකුගේ සිරුරක් හමුවූ බව රත්තොට පොලිසිය පවසයි. 09 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026