එන්.එම්.ආර්. දත්ත - පාස්පෝට් වංචා ගැන විමර්ශන ප්‍රමාදයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර වංචාව පිළිබඳව විමර්ශන කළ යුතු ආයතනය පරීක්ෂණ ප්‍රමාද කිරීම සැකසහිත බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. 18 September 2025
විපක්ෂයම එකතු වී දාගැබට මුල්ගල් තබයි අනුරාධපුර මුරියාකඩවල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ -එජාප ප්රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද(18) සහභාගී වූහ. 18 September 2025
හොර සල්ලි සමග හතරක් මාට්ටු රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. 18 September 2025
පුත්තලමෙන් ලුණු වාර්තාවක් පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි පුත්තලම ලුණු නිෂ්පාදකයෝ පවසති. 18 September 2025
වතු සේවක වැටුප වැඩි කරන්නැයි විරෝධතාවක් වතුසේවක ගැටළු මූලික කරගනිමින් කෑගල්ල පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට දී අද (18) විරෝධතාවක් පැවැත්විණි. වතු සේවක වැටුප රුපියල් 2000 ක් කර දෙන ලෙස ඔවුහු එහිදී අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. 18 September 2025
සේවක අර්ථසාධක ගැටලු විසැඳුම් සතියක් ප්‍රකාශ කරයි නොවිසඳුණු සේවක අර්ථ සාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසැඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 18 September 2025
දියවඩන නිලමේ ඡන්දයට දින දෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සාකච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි. 18 September 2025
විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති 18 September 2025
’’වත්කම් සැඟවූ අය වත්කම් ගැන ප්‍රශ්න කරනවා’’ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය 18 September 2025
ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය ’’ යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය . 18 September 2025
රුවන්වැලිසෑයට උඩින් ඩ්‍රෝන යැවූ තිදෙනෙක් අල්ලයි රුවන්වැලි මහා සෑයට ඉහළින් අනවසරයෙන් ගුවන්ගත කළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 18 September 2025
බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය. 18 September 2025
තොටළඟට වනාන්තරයක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ ආරම්භ කෙරිණි. 18 September 2025
ලෙඩ්ඩු ගෙන ගිය ගිලන්රිය අනතුරක බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අද (18) අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහලට යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය. 18 September 2025
තුසිත හල්ඔලුවට ඇප සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ඇප මට මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(18) නියෝග කළේය. 18 September 2025
ජේ.ආර්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ විපාක පේනවා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කිරීම නිසා එහි විපාක හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට විඳීමට සිදුව ඇති බව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය. 18 September 2025
හිටපු නාවික සෙබළාගේ නිවස අසළ උණ්ඩ-ආයුධ-නිළ ඇඳුම් නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකුගේ නිවස අසල සඟවා තිබූ නිල ඇඳුම් හා කොටස් පී කැප් පහක් ටී.56 උණ්ඩ 15 සහ තවත් ආයුධ කිහිපයක් සමඟ අද(18 ) සැකකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 18 September 2025
නාගරික මන්ත්‍රීනි හර්ෂණි අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 September 2025
සබරගමුවේ හි.පළාත් ඇමැති අත්අඩංගුවට සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 September 2025
මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. 18 September 2025
බෝතලයකින් පහරදී මිතුරා අවසන් ගමන් යවලා බෝතලයකින් පහරදී දියේ ගිල්වා මිතුරා ඝාතනය කළ මිතුරෙකු ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 18 September 2025
බිමල් දුම්රිය ලොක්කන්ට දෙහි කපයි දුම්රිය සේවයේ රාජකාරී කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 18 September 2025
වසන්තගේ කෙසෙල් කැනේ කතාවට නාමල්ගෙන් පිළිතුරක් ජනතා විමුක්ති පෙරමුණේ කෝටිපති මන්ත්‍රීවරුන් මළ ගෙවල් වල ගිහින් ගමේ මිනිහගේ සල්ලි ගත්තු එක වගේම කෙසෙල් කැන කැබ් එකේ දාගෙන ආපු එක ලොකු අපරාධයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 18 September 2025
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් කීය. 18 September 2025
ගේට්ටුවේ හැපුණු ගිලන් රියේ බියර් ටින් දෙණියායේ සිට මාතර දක්වා රොගීන් දෙදෙනකු රැගෙන යද්දී අනතුරට පත් ගිලන් රථයේ තිබී බියර් කෑන් දෙකක් සොයාගත් බව මොරවක පොලිසිය කියයි. 18 September 2025
තැනින් තැනට අද තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 September 2025
අපරාධ රාජ්‍යයක තිත්ත ඇත්ත ජනපති හෙළි කරයි මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 September 2025
ලංකාව කලාපයේ අඩුම විදුලි මිල ඇති රට කරනවා කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය. 17 September 2025
ශ්‍රි.ල.නි.පයෙන් අනුරාධපුරට නියමුවෝ හතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සිව් දෙනෙක් පත්වීම් ලැබූහ. 17 September 2025
උපාධිය ඉල්ලා ආබාධිත ශිෂ්‍යයකුගෙන් පෙත්සමක් ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව අහිම කළැයි කියන ආබාධිත ශිෂ්‍යයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. 17 September 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026