
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය නයියර් නසීර් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද(11) පැවැත්විණි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තරුණ හුවමාරු වැඩසටහන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දෙරටේ තරුණ පරපුරේ කුසලතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා වන නිල අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹීමට ද මෙහිදී එකඟතාවය පළ විය.
මීට අමතරව, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන සහයෝගීතාවය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, දෙරට අතර ක්‍රිකට් තරගාවලි සංවිධානය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පකිස්ථානයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණුනි.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd