
(අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming Crab) ඇමරිකා වෙළෙඳ පොළට අපනයනය කිරීම සඳහා පැවති බාධා ඉවත් වී ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී " සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත " (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත්වීම නිසා මෙම බාධා ඉවත් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration - NOAA විසින් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත රෙගුලාසි ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල (Comparable in effectiveness) බවට තහවුරු වී ඇති බවයි.
මීට පෙර 2025 නොවැම්බර් මාසයේදී ඇමරිකා අධිකරණ තීන්දුවක් මත මෙම අපනයන කටයුතු වලට යම් බලපෑමක් එල්ල වුව ද, ධීවර දෙපාර්තමේන්තුව NARA ආයතනය සහ අදාළ අංශ විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක දත්ත සහ කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය සිය තීරණය යළි සමාලෝචනය කර මෙම අනුමැතිය ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd