(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශවයකට පැවරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"මගී සේවා අවසර පත්‍ර පැවරීමට නොහැකි වීමෙන් මගී සේවා අවසර පත්‍රයක අයිතිය යම් පාර්ශවයකට හිමිවී තිබියදී බොහෝ අවසර පත්‍ර ඇටෝනි බලපත්‍ර මගින් තෙවන පාර්ශවයකට පවරා තිබෙන බව අපට නිරීක්ෂණය වුණා.මේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගමනාගමන සංශෝධන පනත මගින් ඉහත විධිවිධාන සංශෝධනය කරන ලද පනත මගින් මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශවයකට පැවරීමට ප්‍රතිපාදන සම්පාදනය කර තිබෙනවා.මේ හරහා මගී අවසර පත් නීත්‍යානුකූලව පරවරා ගැනීම සඳහා යෝජනා රැසක් පැමිණ තිබෙනවා. මගී අවසර පත් පැවරීමේදී නිර්ණායක කිහිපයක් සලකා බලනවා.

බස් රථය ධාවනය කළ ආකාරය,මගී අවසර පත සඳහා අධිකරණ කටයුත්තක් තිබේද? දිගින් දිගටම මහජන පැමිණිලි ලැබී තිබේද?ආයතනික අභ්‍යන්තර විමර්ශනයක් තිබේද?යන කරුණු විමර්ශනය කළ අලුත් පැවරුම්කරුවා වෙත පැවරීමට අවසරය ලබා දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.